Monday, November 25, 2013
සැබෑ කම්කරුවා කවුද ?
කම්කරුවන්ගේ මුනිවරයා ලෙස ශු.ජුසේ තුමා අභිෂේක කර ඇති දෙවියන් වහන්සේ විසින් මෙලොවට එවු ක්‍රිස්තුස් වහන්සේගේ සුරැකි පියා ලෙස ශු.ජුසේ තුමාට හිමිවන්නේ සුවිශේෂි තැනකි. උන්වහන්සේ ඉතා අල්පේච්ච ජීවිතයක් ගත කල ශුද්ධවන්තයෙකි. ශු.ජුසේ තුමාගේ ජීවන වෘත්තිය වූයේ වඩු වැඩය. එතුමා තමාගේ කාර්යය දෙවින්දුන් අභිමතය අනුව ඉටුකල නිසා කම්කරු දිනයේ අරක්ගත් මුනිවරයා ලෙස ශු.සභාව පිළිගත්තේය.
උන්වහන්සේ ගැන කතා කරන විට අතී ධර්මිෂ්ට වුත් අතී කිකරු වුත් යන විශේෂණ පද දෙක යොදා ගනි. ශු.බයිබලය තුළ අතිධර්මිෂ්ට යනු තමාගේ කාර්යය විශ්වාස වන්තව දෙවිඳුන් අභිමතය අනුව ඉටු කිරිමය. ශු.ඡුසේතුමා නිහඩ ගොඵ චරිතයක් වුවත් ශු.මතෙව් තුමාගේ සුවිශේෂය තුළ ශු.ඡුසේතුමා ගැන ස්වල්ප වශයෙන් සඳහන් වුවත් එය කිකරුකම ධර්මිෂ්ටකම යන ප්‍රබල උතුම් ගුණාංග කැපී පෙනෙන ලෙස සඳහන් වෙයි උන්වහන්සේ දෙවියන් වහන්සේ දුන් කාර්යය තේරුම් ගෙන දේව අණට යටත්ව ඉටු කළේය. ශු.මතෙව් තුමාගේ සුවිශේෂයට අනුව ශු.ඡුසේතුමා සත්පුරුෂයෙකු විය. (මතෙව් 1:9-21) මරිය වහන්සේ ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතා ගන්නේ එනිසාය. පසුව දේව හඩට කන්දුන් නිසා එතුමියව සරණ පාවා ගෙන ගැලවීමේ සැලැස්මට දායක වන්නේය.
ශු.ඡුසේතුමාගේ ජිවන වෘත්තිය වුයේ වඩු වැඩය. කම්කරුවෙකු සේ වෙහෙස මහන්සිවි ශු.පවුල පෝෂණය කළේය. කම්කරු දිනයේ අරක්ගත් මුනිවරයා ලෙස ශු.සභාව කැපකර තිබෙන්නේ කම්කරුවෙකු සේ දිවි ගෙවු ශු.ඡුසේතුමාටය. අද කම්කරුවා සේ එදා ශු.ජුසේතුමා ද දහදිය මහන්සියෙන් යමක් උපයා ගත්තේය.
ශු.ජුසේතුමාගේ කම්කරු ජීවිතය ගැන ශු.බයිබලයේ කිසිවක් සදහන් නොවේ. එහෙත් ශු.සභාව විසින් ක්‍රිස්තුස් වහන්සේගේ සුරැකි පියා ලෙසද කම්කරුවන්ගේ මුනිවරයා ලෙසද උන්වහන්සේව පිළිගෙන ඇත. ජන වන්දනා වසරෙ මංගල්‍යයන් දෙකකට උරුමකම් කියන්නේ ශුද්ධවන්තයින් සිවිදෙනෙක් පමණි.එනමි ශු.ජුසේතුමා, ශු.පේදුරු තුමා ශු.පාවුලු තුමා සහ ස්නාවක ජුවාම් තුමාත්ය.
ශු.ජුසේතුමා බෙත්ලෙහෙමි නුවර ක්‍රි.පූර්ව 90 ඉපිද ක්‍රි.පූර්ව 20 ජුලි 18 දින නාසරෙත් නුවරදී මියගිය බව අන්තර්ජාල පිටුවක සදහන්වෙ.
ශු.ජුසේතුමා ගැන එසේ සදහන් වෙද්දී කාදිනල් කාඩයින් හිමිපාණන් ගැනද මෙසේ සදහන් කිරීම වටී. උන්වහන්සේද වෙහෙස වී වැඩ කරන කම්කරුවා ගැන සමාජය තුළ බලධාරින් ඉදිරිපිට කතා කල ඔවුන් වෙනුවෙන් පෙනී සිටි හිමිපාණන් කෙනෙකි. දුක් විදින කම්කරුවා ගැන හදවතින් කතා කල හිමිපානකි. "බැලිම, විනිශ්චය, කි‍්‍රයාව" යන සංකල්පය ලොවට හදුන්වා දුන්නේ උන්වහන්සේය. ‘‘හමුවන්නන්’’යන අලුත් සංකල්පයක් ද ඉපැද්දීය. උන්වහන්සේත් ශු.ජුසේතුමා සේ කම්කරුවාව නියෝජනය කලේය. හිමිපාණන්ගේ ඇවැමෙන් ලොවට බිහිවු ව්‍යාපාරයකි ‘‘ක්‍රිස්තියානි කමිකරු ව්‍යාපාරය’’ කාඩයින් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ බිහිවූ ක්‍රිස්තියානී කම්කරු ව්‍යාපාරය අදද අසරණ දුගී දුප්පත් අසාධාරණයට ලක් වු කම්කරුවා වෙනුවෙන් පෙනිසිටින්නේය.
එදා ශු.පවුල සමගින් ජීවත් වු ශු.ජුසේතුමා කම්කරුවෙක්සේම කාදිනල් කාඩයින් හිමිපාණන්ද කම්කරුවෙකි. අද ජීවත්වන අපද කම්කරුවෝය. මේ තිදෙනාගෙන් සැබෑ කම්කරුවා කවිද?
පළමු කම්කරුවා දෙවියන් වහන්සේය. උන්වහන්සේ දින 6 කින් ලෝකය මවා හය දවසක්ම මැවිමේ ක්‍රියාවලිය (වැඩ) කළේය. 7 වන දින නිවාඩු ගත් බව උත්පත්ති පොතේ සදහන් වේ. මෙසේ බලන කල පළමු කම්කරුවාත් සැබෑ කම්කරුවාත් වෙන කිසිවෙක් නොව දෙවියන් වහන්සේ බව ඉදුරාම කිවහැක.
කමනි පිගේරා.
Published by: Ranjan De Mel.
www.stjosephschurchkanuwana.org
Subscribe to:
Post Comments (Atom)
AUSTRALIA - Casino - Jtmhub.com
ReplyDeleteCasino and Sportsbook in 울산광역 출장마사지 Australia and 안성 출장안마 New Zealand are the Australia is no longer the 구미 출장샵 only jurisdiction within Australia where you can play online 밀양 출장안마 casino games for 통영 출장안마 real