Tuesday, December 17, 2013
ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ පිහිට !
ආදිපිතුරු වූ ශු.ජුසේ තුමා කන්‍යා මරිය තුමියගේ ස්වාමිපුරුෂයා වශයෙන්ද මනුකය ගත් දේව පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේත් සුරැකි පියා කොට ද නිත්‍ය පිතා වන දෙවි පියාණන්ගේ මේ ලෝකයෙහි ස්ථානාධිපතියා කොට දේව කරුණාවෙන් තෝරා ගත් සේක. එතුමාගේ ජීවිතය සියලූ ධර්ම ගුණ වලින්ද, යහපත් ආදර්ශයෙන් ද දැමුණු කැපවූ ජීවිතයක්ද ගත කළ සාමාන්‍ය මිනිසෙකි. මේ දැහැමියා අනුගමනය කිරීම අප සතු වේ.එතුමා දෙව් මව් සහ ජේසු සමඟ ආදරයෙන් ප්‍රශ්න ගැටළු රාශියක් මත පවුල් ජීවිත අවුල් කර නොගෙන දේව පේ‍්‍රමයෙන් සියල්ලන්ට දයා වෙමින් ජීවත් වූ සත් පුරුෂයෙකි.
එතුමාගේ ජීවිතය කෙසේ ද ? මරණයත් එසේමය.
ජේසු පුතු දෙව් මව්ගේ හස්තවල තම අවසන් හුස්ම හෙළන්ට ලැබීම එතුමා ලද ඉමහත් භාග්‍යයකි.
පවුල් ජීවිතවල නොයෙකුත් ගැටළු දේව අභිමතය ලෙස විසදා ගැනීමට අප යදින්නේ ශු.ජුසේ තුමාටයි.
· දරුවන්ගේ ප්‍රශ්න ගැටළුවලට විසඳුම් සොයන්නට අප දිව යන්නේ ශු.ජුසේ තුමා ළඟටයි.
· විවාහ වීමට සුදුසු සහකරුවන් සොයා යාමට පෙර අයදින්නේ ශු.ජුසේ තුමාටයි.
· ගෙයක්, හිසට වහලක් තනා ගැනීමට උදව් උපකාර යදින්නේ
එතුමන්ටයි.
· දහම් මගින් බැහැර වූවන් නිසි මඟට ගෙන ඒමට කන්නලව් කරන්නේ ශු.ජුසේ තුමාටයි.
· පවුල් වල එකිනෙකා අතර අවිශ්වාසය පැන නඟින විට අප ශු.ජුසේ තුමා කරා ඇදී යමු.
· සුභ මරණයක් වරප්‍රසාද ජීවිතය තුළ මරණයක් ලබාගැනීමට අප බලාපොරොත්තු වන්නේ ශු.ජුසේ තුමාගේ පිහිටාරක්ෂාවයි. එතුමාගේ මැදිහත්කම පතා යදින අපට එම ඉල්ලීම් දේව කැමැත්තට අනුව සුදුසු අවස්ථාවට ලබාදි ඇති බව පුරාණයේ සිට බැතිමතුන්ගේ විශ්වාසයයි. ලෝකයේ විවිධ රටවල සැදැහවත් සෑම ජනකායක්ම එතුමාගේ පිහිට නොයෙක් අවස්ථාවල වල ලබා ඇත. ඒවා ලබාගැනීමට ඥානාලෝකය ද ලබා ඇත.
අප සදාදරණීය දෙව් පියාණෝ පාපයෙන් විනාශ වූ මිනිසා ගළවා
ගැනීම සඳහා තම ඒක පුත්‍රයා මිනිසත් බව ගෙන මෙලොවට එවීමට කරුණා කළ සේක. එම පුත් දෙවිඳු මිනිස් වෙසින් අප ගළවා ගැනීමට මෙලොවට පැමිණ දෙව් අභිමතය ලොවට දේශනා කර රෝගීවු සියල්ලන් සුවපත් කර සමාව ලබා දී ස්වකීය වුවන්ගෙන්ම නින්දා පරුෂ තිත්ත දුක් ගාවිනා විඳ කුරුසියේ මරණයට පත්වූ සේක. තවද තුන්වන දින උත්ථානවී වදා සේක. ඔවුන් වහන්සේට මව්කොට සුවිශුද්ධවූ කන්‍යා මරිය තුමියව සකළ ස්ත්‍රීන් අතරින් තෝරා ගත් සේක. එතුමිය ජන්ම පාප දොසින් නිදොස්ව පිළිසිඳ ගැනීමටද සැලසූ දෙවි පියාණෝ එතුමියට විශේෂ කරුණා ප්රසාදයන්ද ධර්ම ගුණද ප්රදානය කළ සේක. සුරලෝ ශුද්ධවන්ත සමූහයා අතරද භූලෝ වැසියන් හා නිරා දුතයන් පරදා ඔවුන්ගේ හිස පොඩිකර මුළු තුන් ලෝ රාජණීය වශයෙන් රාජකීය කිරීටය පැළඳු සේක.එම දෙව් මව්ගේ පුත්‍රවන දෙවියෝ දේවානුභාවයෙන් ශුද්ධාත්ම වරමින් ගැබ්ගෙන උපදින්නට ලැබීම දෙව් අභිමතයම විය.
එම දිව්‍ය බිළිඳාටත් මරිය මවුන්ටත් මෙලොව සුරැකි පියෙක් වීමටත් ආරක්ෂා කාරයෙකුව සෑම විටම සිටීමටත් අවශ්‍ය වූ හෙයින් එම තනතුරට අප උතුම් ශුද්ධවන්ත ජුසේ තුමාව දේව දයාවෙන් තෝරාගනු ලැබුවේය. එතුමා තමන්ට දෙව් පියා බාරදුන් කාර්ය ඉටු කිරීමේ නිරත විය. භාවිතා කළේය. තීරණ ගැනීමේදී නිතරම දෙව් අභිමතය සෙවීය. තමාට ලැබුණ මේ උතුම් බලය අනුවණ ලෙස හෝ බලකාමීව භාවිතා නොකළේය. ඉතාමත් නිහනමානීව මෙම බලය භාවිතාකල මෙම තරුණයා ලැබු බලය ඉතා උත්තම එකක් විය.
එනම් දෙව් මව්ට ලැබු බලය හා තනතුරට හැර ශුද්ධවූ ජුසේ තුමා ලැබූ තනතුරට සමාන වූ තනතුරක් මුළු දෙලොවහිම නොමැත්තේය. එම නිසා අපි කොයියම් උසස් තනතුරක සිටියත් නිහතමානීව සේවයේ යෙදීමටත් අනෙක් අයට කරුණාවෙන් දෙව් අභිමතයට යටත් වීමටත් නීති ගරුක වීමටත් යහපත්ව දේව විශ්වාසය ඇතිව දෙවියන් කෙරෙන් යැපීම සහ දෙවියන් වහන්සේගේ පේ‍්‍රමය අත්දකින්නට දිනපතා වෙර දරමු.
දෙව් මව්ගේ රැකවලා වු ශුද්ධවූ ජුසේ මුනිඳුනි, ඔබට ප්‍රශංසා වේවා. අපට ලැබෙන කොයියම් තනතුරක් නිහතමානීව ද කිතුනු ගුණදම් වගා කරමින් ද අප පවුල් තුළ දේව ප්‍රශංසාව දියත් කිරීමටද අපට වරම් දුන මැනව. මේ කීදේ අපගේ ස්වාමි වු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් ලැබේවා . ආමෙන්.
ප්‍රංශයේ ලියෝන් නගරයේ ජොහානා නමැති භක්තිමත් කන්‍යා සොහොයුරියකි. ඇය ශ්‍රේෂ්ඨ මව්තුමිය වශයෙන් පත්වූ විට ඇයට තදබල අසාධ්‍ය රෝගයක් වැළදී මරණාසන්න වූවාය. ඇය ශුද්ධවූ ජුසේ තුමා වෙත ගෞරව භක්තියෙන් සිටියා ය. ඇය නිෂ්ශබ්දයෙන්, විශ්වාසයෙන් ශු.ජුසේ තුමාට යාච්ඤා කරන විට ඇගේ සෙසු කන්‍යා සොයුරියෝ ඇය මරණාසන්නව අන්තිම හුස්ම හෙළන්නට ආසන්න බව සිතා ඇයගේ යහන වටේ රොක් වූහ. එවිට රෝගීවූ සොහොයුරියට හදිසි ආලෝකයක්, සුගන්ධයක් සහ මිහිරි නාදයක් ඇගේ කාමරයෙන් නික්ම වූ බව දැනින. ඇගේ රැකවල් දුතයා ඇයට දැල්වූ ඉටිපහනක් අතැතිව දර්ශනය විය. ඒ සමඟම ශු.ජුසේ තුමා තේජාන්විතව පැමිණ ඇගේ යහන තම හස්තයෙන් ස්පර්ශ කරනු ඈ දුටුවාය. තවද ඇයව සුවඳවත් තෙලින් ආලේප කළාය. ඇයව ආශිර්වාද කර අදර්ශණය විය. ඉන් පසු එම කන්‍යා සොයුරිය කිසිම වේදනාවක් නොමැතිව නැඟිට දණගසා ශු.ජුසේ තුමාට තුති පුද කර ඉන් පසු තම දෛනික කටයුතුවල කිසි අපහසුවක් නොමැතිව යෙදුනාය.
"ඇය සුව කිරීමට නොහැකි බවත් ඇය නසින්නී යයි"
ස්ථීරව කියා සිටි වෛද්‍යවරයා පුදුම වී එය ප්රාතිහාර්යයක් බව ඔප්පු කර දුන්නේය. තවද ඇගේ ශරීරය ආලේප කළ තෛලය පිස දැමූ රෙදි කැබලි සුවඳ විහිදුවේය. එම රෙදි කඩ වලින් පිස දැමූ රෝගීන් ද සුව විය.
පල්ලන්සෙන බ්‍රහස්පතින්දා යඤා කණ්ඩායමේ ප්රකාශනයක් වන "ආලෝකය වේවා" සඟරාවෙන් උපුටා ගන්නා ලදි.
රංජන් ද මැල්
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි.)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment