සාමාන්‍ය සමයේ හයවැනි ඉරුදින, පෙබරවාරි 16 ඉරිදා
මතෙව් 5:17:37
අද සුවිශේෂයට කන්දඋඩ දේශනාව යයිකීම හරිය. එහෙත් බැලූ බැල්මට නොපෙනුනද මෙය වෙන කන්දක දෙවියන්වහන්සේ කළ පරණ දේශනාවකට අටුවාටිකාවකි. මෝසෙස්ට දෙවියන්වහන්සේ දසපණත දුන්නේ සීනයි කන්දේදීය. දෙවියන්වහන්සේ දසපණත ගල් පුවරුවක ලියා මෝසෙස්ගේ අතට දෙන්නට පෙර ඔහු සමග දවස් 40 ක් එකදිගට කතාකරකර සිටියේය.
ජේසු සමිඳුන් අද කන්දඋඩ දේශනාව පටන් ගන්නේ සීනයි කන්දේදී තාත්තා මෝසෙස්ට දුන් දේශනාවේ කටුසටහන හිතේ තියාගෙනය. එය ජෙරුසලමේ දේවමාලිගාවේ ගිවිසුම් කරඬුවේ තිබුනද ගල් ලෑලි දෙකේ තාත්තා ලියූදේවල් ඉතාකෙටියෙන් ලියා ඇති නිසා දේවමාලිගාවේ සිටිය අයටවත් ඒවා හරියට තේරුම් ගොස් තිබුණේ නැත. ජේසු සමිඳුන් අද පණතින් පණත මේ පණත්දහය ජනතාවට ගැඹුරින්පහදාදෙයි. උන්වහන්සේ ආවේ දසපණත අවලංගු කිරීමට නොව එය වඩාත් පැහැදිළිව කියා දීමටබව අන්තිමේදී කාටත්තේරුණි.
දසපණත පටන් ගත්තේ දෙවියන්වහන්සේ ගැනපණත් තුනකිනි. එය කන්දඋඩ දේශනාවේ පළමුවෙන් නොව අන්තීමටම කීමට ජේසු සමිඳුන් තබා ගත්තේය, උන්වහන්සේ පටන් ගත්තේ පස්වෙනි පණතෙනි. ඊටහේතුව පස්වෙනිපණත විස්තරකරන විට ඉබේම හතරවන පණත ගැනද කියවෙන නිසාය. ජීවිතය විනාශ කරන්නට හැකිවන්නේ ජිවිතය තිබෙන්නේ නම් පමණකි. එබැවින් මව්පියන් නැතිව ජීවිතයක් නැත. මව්පියන්ට සංග්‍රහ කළ යුතතේ ඒ නිසාය. මව්පියන්ට පමණක් නොව මව්පියන් බිහි කළ හැම කෙනෙක්ම කාගේහරි අම්මා කෙනෙකුගේද තාත්තා කෙනෙකුගේ ද රත්තරං පුතෙකි, දුවෙකි.
එබැවින් මෝඩයා කියාවත් ජඩයා කියාවත් කෙනෙක් නැත. කෙනෙක් තම සහෝදරයාට එසේ කියයිනම් හෝ එසේකියා ගරහයි නම් ඔහුව හිරේ විලංගුවේ නොව සදාකාල නිරාගින්නට නියම වියයුතු බව උන්වහන්සේ කියති. දසපණතේ තිබුණේ මිනීනොමරන්න කියාය. උන්වහන්සේ කියන්නේ කෙනෙකුගේ හොඳ නම කැත කිරීමත් මිනීමැරිමක් කියාය. නම කැත කිරීමක් පමණක් නොව කෙනෙකුව කෝපකරන එකත්මේ පණත යටතේම එක පාපයක් කියාය.
දසපණතේ 6 වනපණත මිනිසුන් තේරුම්ගෙන තිබුණේ කාමයේ වරදට හැසිරීම වැරදිකියාය. ජේසු සමිඳුන් කියන්නේ කාමයේ වරදවා හැසිරීම නොව හැසිරෙන්නට තනියම සිතින් සිතීමද කාමමිථ්‍යාචාරයට සමාන යැයි කියාය. ස්ති‍්‍රයක දෙස රාගයෙන් බැලීමට ජේසු සමිඳුන්ට අනුව කාමමිත්යාචාරයකි. ස්ති්රන්ද පුරුෂයන් දෙස එසේ බැලීම වැරදිබව කීමට උන්වහන්සේට ද අතපසු වී තිබේ.
7 වන පණතෙන් දෙවියන්වහන්සේ කීවේ සොරකම්නොකරන්න කියාය. උන්වහන්සේ එය විස්තර කරමින් කියාසිටියේ සොරකම් කිරීමට සිතීම වළක්වාගත නොහැකි නම් සොරකම් කරන අත කපාදමන්නකියාය.
8 වන පණතෙන් කියන්නේ බොරු සාක්ෂි නොකියන්න කියාය. උන්වහන්සේ කියන්නේ බොරුසාක්ෂි දෙන්නට උසාවියට යන්නේ නැතිව මගදී මුණගැසී සමාදාන වී නඩුව ගොඩින්බේරා ගන්නාකියාය. තමාගේ හෘදසාක්ෂියට අනුව වැඩකරන අයට නඩුහබ විසඳා ගැනීමට අධිකරණයට යෑම අවශ්‍යනැති බැවින් උසාවි වල රස්තියාදු වීමට අටවැනි පණතට විරුද්ධබවයි. උසාවියේ පණත් නොව වෙනකොහෝදීවත් බොරුකීම පාපයකි. බොරුකීමත් තමන් පාලනයකර ගැනීමත් අමාරුමනම් උන්වහන්සේ කියන්නේ දිව කපා දමන්න කියාය. අත කපන්න, ඇස උදුරුදමන්න යනවචන වල තේරුම මේවචන වල නැත. කෙනෙකුට ඔහුගේ දකුණු අත දකුණු අතෙන් කැපීමට බැරිය. මෙහි අදහසවන්නේ මේවා සිතින් ගත යුතු දැඩි තීරණ විනා කැත්තෙන් පොල්ලෙන් කළයුතු දේවල්යැයිකීමනොවේ.
9 වන පණතින් කියැවෙන්නේ පරදාරආලයකිරීමෙන් වැළකෙන්න කියාය. ජේසු සමිඳුන් කියන්නේ පරදාර ආලයද දික්කසාද කිරීම කාම මිථ්‍යාචාරයක් කියාය. අතහැර දැමූ එවැනි කෙනෙක් සරණපාවා ගැනීමද අනුකම්පාවක් නොව කාමමිථ්යාචාරයක්ම වන බවය.
10 වන පණතද උන්වහන්සේ 9 වනපණත විස්තර කරනවාත් සමගම කියයි. දසපණතේ පළමුපණත් තුන උන්වහන්සේ අත්තීමටම විස්තර කරන්නේ දෙවියන්වහන්සේද මිනිසාවූයේ මිනිසාට වැඩි අවධාරණයක් දීමටනිසාය.
උන්වහන්සේ කියන්නේ ඉරිදා ණය යුක්තිය ඉෂ්ට කරන්නට පල්ලියට ඇවිත් සිටින කෙනෙක් පඬුරු පෙරහැරේ යනවිට තමන් සමග හිත අමනාප කරගෙන සිටින කෙනෙක්ව මතක් වුවහොත් පඬුරු එතැනබිම තබා පළමුව ගොස් සහෝදරයා සමග සමාදාන වී එන්න කියාය. එසේ අපද කළහොත් අප දිග පඬුරු පෙරහැරවල් වටල මොනවාවෙයිද? ජේසු සමිඳුන් කියන්නේ පෙනෙන සහෝදරයාට ආදරය නොකරන කෙනාට නොපෙනෙන දෙවියන් වහන්සේට ආදරය කළ නොහැකි බවයි. එම නිසා උන්වහන්සේ පළමුවන පණත අන්තීමට විස්තර කිරීමට තබා ගත්තේය. දෙවියන්ගේ ශී‍්‍ර නාමයේ නමින් පමණක්නොව තමන්ගේම ඔළුගෙඩි යන මින්වත් දිව්රන්නට එපා කියා උන්වහන්සේ කීවේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ හිසටත් වඩා අපේ හිස ගැන හිතන නිසාය. උන්වහන්සේගේ පුතාටත් වඩා අප ගැන හිතන නිසාය. නැත්නම් උන්වහන්සේ තම එකම පුතාව අපගේ බිලිපඬුරු ලෙස එවයිද?
මෙසේ තම තාත්තා ගල් ලෑල්ලක ලියා දුන් දේවල් උන්වහන්සේ එක එක උන්වහන්සේට සවන් දෙමින් සිටි අයගේ හිත් පතුලේ ලියන්නට හිතාගෙන අද කන්දට නැග්ගේය. උන්වහන්සේගේ කන්දඋඩ දේශනාව තාත්තාගේ සීනයිකන්දේ දේශනාවේම ඉතිරි කොටස බව වෙනකාටත් වඩා උන්වහන්සේටද කන්දට නගිද්දීම තේරී තිබුණි. එම නිසා උන්වහන්සේ දේශනාව පටන් ගත්තේම එය ජනතාවට පැහැදිළිව පවසාය. අපි නම් දේවල් පටන් ගන්නේ අපට කලින් අපේ පුටුවල සිටි අයගේ නමට දැලි ගා ඔහුගේ / ඇයගේ අඩුපාඩුටික පත්තෙරේ දමාය. එහෙත් ජේසු සමිඳුන් උත්සාහ කළේ මෝසෙස් අතින් සිදු නොවුණු මදිපාඩුටික සම්පූර්ණ කිරීමටය.
ඒවායේ ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් වෙනස්කිරිමට උන්වහන්සේ ගියේනැත. අපි නම් උත්සහකරන්නේම ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් ඉතිරි නොකර හැමදේම උඩුයටිකුරු කරන්නටය. එම නිසා එක පණත් නොව දසපණතම අප අතින් කැඬේ.
ගරු රවින් සඳසිරි පියතුමා අතුලු දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්චාව ඇසුරිණි.
ලිපි පළකිරිම - රංජන් ද මැල්
( අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි)
No comments:
Post a Comment