කනුවනට නවෝදය දුන් ගරු පේබියන් පියතුමා.
වර්ෂ 1898 දෙසැම්බර් මස 30 දින මෙලොව එළිය දුටු ගරු පේබියන් ප්‍රනාන්දු පියතුමා 1926 ජූනි මස 24 දින පූජක වරම් ලබා මීසම් කීපයක සහකාර පියතුමකු ලෙසත් තවත් මීසම් කීපයකත් මීසම් භාර පියතුමා ලෙසත් සේවය කර 1948 ජනවාරි මාසයේ තුඩැල්ල මීසම් බාර පියතුමා වශයෙන් සේවය ඇරඹීය. එම කාලයේදී කණුවනගම තුඩැල්ල මීසමට අයත්ව තිබිණි. ගරු පේබියන් පියතුමා තුඩැල්ල මීසමේ සේවය කරන අවදියේ කණුවන ගම ගැන ලොකු ලෙන්ගතු කමක් දැකුවූ බව රහසකි.
අද කණුවන දෙව්මැදුරත් සාන්ත ජෝශප් විදුහල පිහිටි භූමි භාගය යම්කිසි පළදායක කාර්යයක් සඳහා යොදා ගෙන නොදියුණු ගමක් හැටියට තිබූ කණුවන ගම නගා සිටුවන්නට. ඒ අනුව එතුමාගේ සංකල්පයක් මත සාන්ත ජෝශප් විදුහල නමින් විදුහල ආරම්භ කරන ලදී. ශාන්ත ජෝශප් විදුහලට ගමේ ළමුන් 40 ක් පමණ ඇතුළු කරගෙන ආරම්භ වීමත් සමග කණුවන ග්‍රාමයේ නවෝදය ආරම්භ වූ බව අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි.
ඒ වකවානුවේ ලාබාලයෙකු වශයෙන් සිටි මෙම ලියුම්කරුට හැගෙන්නේ කණුවන පාසල ආරම්භ නොවන්නට කණුවන ග්‍රාමයේ අද දකින සීඝ්‍ර දියුණුවක් ඇති නොවන බවය. ඒ බැවින් කණුවන ජනතාවගේ හදවත් තුළ නොමැකෙන නාමයකි ගරු පේබියන් ප්‍රනාන්දු පිය නාමය. එතුමාගේ ගුණ සුවඳ දන්නේ අද ජීවතුන් අතර සිටින වැඩිහිටි කීප දෙනෙක් පමණය. එතුමාගෙන් කණුවන ගමට සිදු වූ සේවාව ගැන බාල පරපුරට හඳුන්වා දීම වැඩිහිටි අපගේ පරම යුතුකමකි.
ගරු පේබියන් ප්‍රනාන්දු පියතුමා 1952 ජනවාරි මස තුඩැල්ල මීසමෙන් සමුගෙන නාගොඩ ඇතුළු තවත් මීසම් කීපයක සේවය කර 1976 දී සමිඳු සේවයෙන් විශ්‍රාම ගෙන ගරු පියවරුන් සඳහා එදා වෙන්කර තිබූ මරදාන ශාන්ත ජෝශප් විශ්‍රාමික නිවසට ඇතුල් විය. එම විශ්‍රාමික නිවසේ විශ්‍රාම සුවය ලබමින් සිටින අතරතුර 1986 මාර්තු මස 04 දින වසර 87 ක් ආයු වළඳා එතුමා ස්වර්ගස්ථ විය.
එතුමන් මිහිදන් කර ඇත්තේ නාගොඩ සුසාන භූමියේය. කණුවන ග්‍රාමයේ නවෝදයේ නියමුවාණන් වූ ගරු පේබියන් ප්‍රනාන්දු පියතුමාගේ සග සැපැත්වීමේ 27 වන වසර 2013 මාර්තු 04 වන දිනට යෙදී තිබුණි. එතුමා අපගෙන් සමුගත්තත් එතුමන්ගේ ගුණ සමුදායන් නාමයත් කණුවන ජනතාවගේ හදවත් තුළින් වෙන් නොවේවායි පතමින් එතුමනට මොක් සුව පතමු.

කනුවන නවෝදයේ නිර්මාතෘ ගරු පේබියන් ප්‍රනාන්දු නි.ම.නි. පියතුමාගේ 27 වන (1986.03.04 - 2013.03.04) ගුණ සැමරුම වෙනුවෙන්.
කැලිස්ටස් රණසිංහ - තුඩැල්ල
දායකත්වය - ඥානාර්ථ ප්‍රදීපය.
Published by: Ranjan De Mel.
කැලිස්ටස් රණසිංහ - තුඩැල්ල
දායකත්වය - ඥානාර්ථ ප්‍රදීපය.
Published by: Ranjan De Mel.
===============================================================
කනුවන මීසම
මීට වසර 62 කට ඉහත කනුවන සාන්ත ජෝශප් විදුහල ආරමිභ විය. ආරමිභයේ සිටම ආගමික වතාවත් සිදුකල පොල් අතු මඩුව ගිනිගෙන දැවීමෙන් පසු එය කුඩා දේවස්ථානයක් සේ ගඩොලින් නිමවා විදුහලත් කුඩා දේවස්ථානයත් සමාන්තරව පවත්වා ගෙන ගොස් ඇත. සතියකට වරක් ඉරුදින දිව්‍ය පූජාවද පවත්වා ඇත.
වර්ෂ 1951 මාර්තු මස 19 වන දින ශු.ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය කනුවන පළමු වරට පවත්වා ඇත. පසුව ශු.ජුසේ තුමා කමිකරුවන්ගේ මුනිවරයා සහ ග්රාමාරක්ෂකවරයාණන් ලෙස ප්‍රකාශයට පත් කර අනතුරුව සෑම වසරකම මැයි 01 දින වාර්ෂික මංගල්‍යය පැවැත්විම ආරමිභ කර ඇත.
තුඩැල්ල මීසමට අයත්ව තිබු මෙම පුදබිම වර්ෂ 1987 දී නව මීසමක් ලෙස බෙදා වෙන්කරන ලදී. කොළඹ අගරදගුරු අති උතුමි නිකලස් මාකස් හිමිපාණන් විසින් මෙම නව මිසම බෙදා වෙන් කිරීම සිදු කරන ලදි.
එවකට තුඩැල්ල මිසමෙ මිසමි පාලනාධිපති වශයෙන් කටයුතු කලේ ගරු ජෝශප් පෙරේරා පියතුමාය. උන්වහන්සේ අප මීසමේ ද ප්‍රථම මීසමි පාලක පියතුමා ලෙස කටයුතු කලේය. දෙවන මීසමි පාලක පියතුමා ලෙස ස්වර්ගස්ථ වු ගරු ජෝශප් පෙරේරා නි.මි.නි පියතුමා කටයුතු කලේය. තුන්වන මීසමි පාලක පියතුමා ලෙස පත්වුයේ ගරු බර්නාඩ් නිශාන් විලත්ගමුව පියතුමාය. එතුමාගෙන් පසු කනුවන දේවස්ථානයේ මීසමි පාලක පියතුමා ලෙස පත්වුයේ ගරු දොන් නිකලස් බටේපොල පියතුමාය. කනුවන මිසමට අයත් දිව්‍ය හෘදයේ ප්රැන්සිස්කානු සොයුරියන්ගේ කන්යාරාමයක්ද ඇත. ඔවුන්ගේ නිහඩ සේවය තූළින් කනුවන මීසම පිරිපුන් බවක් ලබන්නේය. එම කන්‍යාරාමය මීසමට දිදුලන මිණිකැටයක් වැන්න. එහි පැවදි සොයුරියන් 05 දෙනෙක් සහ ආධුනික දෙදෙනෙක් සිටි.
අපෙ පියවරුන්
කනුවන දේවස්ථානයේ සේවය කල මීසමි පියවරුන් සහ ඔවුන්ගේ කාලයන් මෙසේය.
ගරු ජෝශප් පෙරේරා පියතුමා 1987-10-01 සිට 1997-10-10
ගරු ජොශප් පෙරේරා නි.ම.නි පියතුමා 1997-10-12 සිට 2002-10-01
ගරු බර්නාඩ් නිශාන් විලත්ගමුව පියතුමා 2002-10-04 සිට 2008-01-31
ගරු දොන් නිකලස් බටේපොල පියතුමා 2008-02-01 සිට 2012-05-31
ගරු ලෙස්ටර් ජෝසප් නෝනිස් පියතුමා
- ජා-ඇල කලාපීය දහම් පාසැල් අධ්‍යක්ෂක -
2012-06-02 සිට ගරු ලෙස්ටර් නොනිස් පියතුමා මීසම පාලක පියතුමා ලෙස කටයුතූ බාරගන්නා ලදි, ගරු ලෙස්ටර් නොනිස් පියතුමා ජා-ඇල කලාපීය දහම් පාසැල් අධ්‍යක්ෂක තනතුරේ කටයුතු හොබවන බෑවින්, මිසමෙ කටයුතු සඳහා සහාය විමට, සහායක පියතුමෙකු වශයෙන් ගරු අසංක ප්රියනාල් පියතුමා අප මිසම තුල වසරකට ආසන්න කාලයක් සේවයකර කළුතර කළමුල්ල දේවස්ථානයෙ සහායක පියතුමා සහා එම පාසෑලෙ ගරු ආචාර්ය මණ්ඩලයට පත්විමක් ලබන ලදි.
වර්ථමානයෙ ගරු ලෙස්ටර් නොනිස් පියතුමාට සහයවිම සඳහා ගරු දුලිප් කමල් පියතුමා කටයුතු කරයි.
කනුවන ගා්රමයෙන් බිහිවු පූඡක පුතුන් සහ පැවදි සොයුරියන් මෙසේ සටහන් කරමු.
ගරු ශිවන්ත රුදි්රගු පියතුමා.ගරු රොෂාන් ප්‍රනාන්දු පියතුමා. ( නි.ම.නි.)
ගරු කොන්සි පෙරේරා සොයුරිය (සැල්වටෝරියන් සොයුරියෝ)
ගරු එමි.ඒ.සුමුදු ශානිකා පෙරේරා සොයුරිය. (දිව්‍ය හෘදයේ ප්රැන්සිස්කානු කුඩා සොයුරියෝ)
මිසම තුළ කි‍්‍රයාකාරි වන සමිති සමාගම්.
ධර්ම සේවා සභාව. කිතුදන පුබුදුව.
දිව්‍ය හෘදයේ සමිතිය. වින්සෙන්ති ද පාවුලා සමිතිය.
දයාවේ සමිතිය. මරිය හමුදාව.
මවි වරුන්ගේ සමිතිය. පියවරුන්ගේ සමිතිය.
තරුණ සමිතිය. විවාහක තරුණ සමිතිය.
ධර්මදුත ළමා සමාජය. කණුවන ව්‍යාපාරික එකමුතුව.
දහම් ගුරු සමිතිය. පූජා සහයක සමිතිය.
කන්තාරු කණ්ඩායම
කනුවන දේවස්ථානයේ භූගෝලීය පිහිටිම සහ කනුවන ග්‍රාමය පිළිබඳකෙටි විවරණයක්.
කනුවන ගමට උතුරින් සහ බටහිරින් තුඩැල්ල දිශාවද දකුණින් කඳන දිශාවද නැගෙනහිරින් කොටුගොඩ දිශාවද කේන්ද්‍ර කොට ගෙන කනුවන ග්‍රාමය පිහිටා ඇත. උතුරු දිශාවෙන් පිහිටි නිදහස් ආයෝජන කලාපයද නැගෙනහිර දිශාවට මායිමි වන ඒකල කර්මාන්ත පුරවරයද කනුවන ගමට නුදුරුව පිහිටා ඇත.
කනුවන ගම පිළිබඳව කතා කරන විට මීට වසර 62 කට ප්‍රථම විසූයේ කනුවන ග්රාමයේම උපත ලබා ජීවත් වු ජනතාවය එහෙත් අද එය වෙනස් වී බොහෝ පිරිස් ලංකාවේ සතර දිගින් කනුවන ගමට පැමිණ ඇත. එයට හේතුව කර්මාන්ත පුරවරයකට මායිමී වන ගමක් ලෙස මෙය පිහිටා තිබීමය.පිටතින් සංක්‍රමණය වු අප සහෝදර ජනතාව ඔවුන්ගේරැකියා කර ගනිමින් අවාහ විවහ වෙමින් වර්තමානයේ මෙහි නිත්‍ය පදිංචි කරුවන් වී ඇත.කනුවන විසූ මුල් පදිංචි කරුවෝ බොහෝ දෙනෙක් කිතුණුවෝ වූහ.එහෙත් අද එය වෙනස් වී බෞද්ධ හින්දු මුස්ලිමි යන කොටස් වලට අයත් ජනතාව මෙහි සංහිඳියාවෙන් සහ සහජීවනයෙන් ජීවත් වේ.
No comments:
Post a Comment