Sunday, January 19, 2014

ශු. සෙබස්තියන් මුනිතුමා.



 ලංකාවේ රෝග සුවවීම සඳහාද, දුනුහේවායන්ගේ මලල ක‍්‍රිඩකයන්ගේද, නගර ආරක්ෂකයන්ගේද, කාපට් නිපදවන්නන්ගේද, අරක්ගත් මුනිවරයාණෝ,




 ජීවිත කාලය : වර්ෂ 300 පමණ ප‍්‍රාණපාරිත්‍යගී විය.
මංගල්‍ය දිනය : ජනවාරි 20
උපන් ග‍්‍රාමය : නර්බෝනා, ප‍්‍රංශය
ලංකාවේ දෙව්මැදුරු : කඳාන, කටුවාපිටිය, මොරටුව,                                                               කටුනේරිය.....
ශ‍්‍රික් නාමයේ අරුත : වන්දනීය

රෝම ප‍්‍රාණපරිත්‍යගීවරුන් අතර සා.ඇග්නස් මුනිවරියට, සා.ලොරන්ස් මුනිතුමාට මෙන්ම විශේෂ ගෞරවයක් සා.සෙබස්තියන් මුනිතුමාට ලැබේ. මෙතුමාගේ මරණයෙක් වසර කීපයකට පසුව එතුමා භුමිදාන කර ඇති අප්පියා මාර්ගයේ බැසිලිකාවක් ඉදිකර ඇත. තුන්වන හා හතරවන සියවසේ ප‍්‍රංශයේ හා ඉතාලියේ ජිවත්විය.






ශු. අම්බෝස් මුනිතුමා විසින් විස්තර කර ඇති පරිදි සා. සෙබස්තියන් මුනිතුමා මිලානොහි, සොල්දාදුවෙකුව සිට රෝමයේ ප‍්‍රාණපාරිත්‍යාගී වී ඇත. දියෝක්ලේසියන් රෝම අධිරාජ්‍යයා ක‍්‍රිස්තියානීන්ට පීඩාකිරිම ආරම්භ කළේ රෝම හමුදාවෙන් ක‍්‍රිස්තියානීන් ඉවත් කිරිමෙනි. පස්වන සියවසේ දී ශු. සෙබස්තියන් මුනිතුමා ගැන විස්තර ක‍්‍රිස්තියානීන් අතර ප‍්‍රචලිත විය. එහෙත් ඒවා අතර සත්‍ය වූ විස්තර ඇත්තේ ටිකක් බව පෙනේ.

පරම්පරාගත කතා අනුව සෙබස්තියන් මුනිතුමා සහයක අධිරාජ්‍යයන් වූ දියෝක්ලේසියන් සහ මක්‍ෂිමියන්ගේ විශ්වාසය දිනාගෙන තිබුණි. ඒ නිසා අධිරාජ්‍යයාගේ ආරක්‍ෂක භටයකු ලෙස ද පත්කර ඇත. එතුමා සිරගත වූ ක‍්‍රිස්තියානීන් බැහැ දැකිමට, තම තනතුර උපයෝගී කරගෙන ධෛර්යමත්ව වේදනා දරාගැනිමට ඔවුන්ට උපදෙස් දෙ ලදි. ඒ අතර නිවුන් සහොදරයන් වූ මර්සලීන් සහ මාර්කුස් බැහැදැක ඇත. ඔවුන් දෙදෙනාගේ මරණයට පෙර රෝම ප‍්‍රිෆෙක්ට්, ඔහුව බැහැදැකීමට භාර්යාවන්ට, දෙමාපියන්ට, දරුවන්ට අවසර දී ඇත. ඔවුන් ක‍්‍රිස්තියානීය අත්හරිනු ඇතැයි සිතුහ. ‘‘ක‍්‍රිස්තු තුමාගේ සොල්දාදුවන්’’ මෙන් පණපිදීමට ඔවුන් සුදානම් වුයේ සදාකාල ප‍්‍රිතීය ගැන සිතමිනි.


සෙබස්තියන් මුනිතුමා තම ක‍්‍රිස්තියානීන්ට සහයෝගය දෙන බව දැනගත් අධිරාජ්‍යයා එතුමාව නගර පවුවෙන් පිටතට ගෙනගොස් ඊතල වලින් විද මැරීමට ඔහුගේම හමුදා සගයන්ට අණ කළේය. ඔවුන්ද එසේම කර මිය යෑමය ඉඩහැරියහ. ඉරේන් නැමති ක‍්‍රිස්තියානී කාන්තාවක් හමුදා කඳවුරට පැමිණ භුමිදාන කිරිම සදහා එතුමාගේ මලකඳ ගෙනගොස් ඇත. එවිට එතුමා තවමත් පණපිටින් සිටින බව දැන ගෙදර ගෙන ගොස් සාත්තු කර සුවය ලබා දී ඇත.

සුවපත්  වූ එතුමා දියෝක්ලේසියන් ඉදිරියට වීරත්වයෙන් ගියේය. මේ මා ඉදිරියේ සිටිනුයේ හී විද මා විසින් මරනයට පත්කරන්නට කී සෙබස්තියන් නොවේදැයි? ‘‘දියෝක්ලේසියන් අධිරාජ්‍යයා තම හමුදා අධිපතීන්ගෙන් ඇසීය. ’’ ‘‘ස්වාමින් වහන්සේ මා ජිවත් කළ සේකැයි’’  ඔහු පිළිතුරු දුන්හ. ඔහුව මරණ ලෙස අධිරාජ්‍යයා තම ආරක්‍ෂක භටයන්ට අණ කළේය. එතැනම ඔහුව පොලූවලින් ගසා මරා, මළ සිරුර කෙලාආකා මක්‍ෂීමා (Cloaca Maxima) නැමති රෝමයේ ප‍්‍රධාන දිය කඩට ඇද දැමිය.

එම රාත‍්‍රියේ ලූසියානා නැමති ක‍්‍රිස්තියානී කාන්තාවකට දර්ශණය වූ එතුමා "සර්කස් භූමිය" (Circus) අසල අගලේ මාගේ සිරුර සොයාගත හැකිබව පවසා ඇත. ලූසියානා සහ පිරිස රහසින් ගොස් මළ සිරුර ගෙන සෝදා රෙදිවලින් ඔතා රෝම පවුරෙන් එහා අප්පියන් මාර්ගයේ භුගර්භ උමගේ (කැටකුම්බි එකේ) භුමිදාන කර ඇත. එය අදත් සා. සෙබස්තියන් කැටකුම්බි එක ලෙස හැඳින්වේ. මධ්‍යතන යුගයේ දුනු හේවායන් මෙතුමා තම ආරක්‍ෂක මුනිවරයා ලෙස තෝරා ගැනුණි. ශ‍්‍රි ලංකාව තුළ නම් මෙතුමා විවිධ රෝග සුවකරන බලවත් සාන්තුවරයා ලෙස සැලකේ. මෙතුමා නමින් කැපකල දෙව්මැදුරු ගණනාවක් ලංකාවේ ඇත.  

( කතෝලික සාන්තු චරිත )


සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ හස්ත ධාතුව




සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ හස්ත ධාතුව ජනවාරි 12 වන දින කටුනායකින් සිරිලකට වැඩම කරවිය. කඳාන සා.සෙබස්තියන් මුනි සිද්ධස්ථානයේ විශේෂ කුටියක තැන්පත් කරනලදි.

නර්බෝනා නගරයෙන් පාදුවා නගරයට වැඩම කරන ලද සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ හස්ත ධාතුව ජනවාරි 12 වන ඉරිදා සිරිලකට රැගෙන එනු ලැබු අතර  ශුද්ධවු ධාතුව තැන්පත් කළ කරඬුව පෙරහරින් කඳාන සා. සෙබස්තියන් සිද්ධස්ථානය කරා රැගෙන එනු ලැබුහ.




ධාතු කරඬුව ඉතාලියේ සිට රැගෙන එන ඉතාලියේ ශී‍්‍ර ලාංකික ශ‍්‍රම සංක‍්‍රමික ජාතික සම්බන්ධිකාරක අතිගරු නෙවිල් ජෝ පෙරේරා මාහිමිපාණන් ගුවන් තොටුපළ පරිශ‍්‍රයේදි , උතුරු කොළඹ කලාපීය නාහිමි අතිගරු පැට්රික් පෙරේරා, ජා-ඇල කලාපීය නාහිමි අතිගරු ශාන්ති කුමාර වැලිවිට පියතුමන් සමඟ විශේෂ යාච්ඤා මෙහෙයක් පෑවෑත්විමෙන් පසු  කඳාන මීසමට ශුද්ධවු ධාතුන් වහන්සේ පිළිගෑනුනි. 




 මේ අතර සා. සෙබස්තියන් මුනි වාරෂික මංගල්‍යයෙන් පසු ශුද්ධවු  ධාතුන්  වහන්සේ  කොළඹ  අගරදගුරු  පදවියේ  මීසම් කරා  රැගෙන  යන්නට  සැලසුම්  කර ඇත.

 රංජන් ද මෙල්.



  

No comments:

Post a Comment