ශුද්ධවූ ජුසේ තුමා කීර්තිමත් වු දාවිත් රජ පෙළපතින් උපන්නේය. එතුමාගේ මුතුන් මිත්තන් අතර ආබ්‍රහම්, ඊසාක් , ජාකොබ්,ජෝශප් නමැති ආදි පිතුරුවරු ද සලමොන්, එසේකියස්, ජොසියස්, යන රජ දරුවෝද සිටියෝය .
මේ වංශයෙන් ආ ශු.ජුසේ තුමා නීතියට අනුව රජ වීමට සුදුස්සෙක්ව සිටියේය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ජුදෙව්වරුන් සහ ඔවුන්ගේ රජ දරුවන් අතර බොහෝ දෙනෙක් දේව ද්‍රෝහියෝ වූ බැවින් රාජාණ්ඩුව දාවිත්ගේ ග්රෝත්රයෙන් ඉවත් කරනු ලැබූවන් හැර එම ග්රෝත්රිකයන් ලෞකික මහිමය ද අහෝසි කරගෙන ඉතා දිළිදුභාවයකට පත්විය. ශු.ජුසේ තුමා එම රාජකීය වංශයේ උපත ලද නමුත් ඔහු දිළිඳුවුවත් ධර්මිෂ්ඨකමින් ඉතා පොහොසත්වී සිටියේය. ඔවුන් පරම්පරාවේ රාජකීය තත්ත්වය ගැනවත් ලෞකික මහිම සුව සැපත ගැනවත් කිසි කලෙක ආශාවූයේ නැත. බැගෑ බව, ඉවසීම, ශාන්තදාන්ත බව , අන්‍යන්ට ගරු කිරීම දේව භය භක්තිය යනාදිය තමන්ගේ සම්පත බව සිතා ඒවා ඉටු කිරීමට නිතර වෙහෙස වූහ.
ශු.ජුසේ තුමා උපත ලැබූ දින ලෝ සිරිතට අනුව ප්‍රසිද්ධියක් නොවීය. එහෙත් සුරලොව දේව දුත සමූහයා එදින ශු.ත්රීත්වයටම තුති ප්‍රශංසා ගී ගයන්නට ඇත. ධර්ම ගුණ වගා කරන්නට එතුමාට ආශිර්වාද කරන්නට ඇත. අධ්‍යාත්මික සම්පතින් ද ඥානයෙන් පරිශුද්ධවත් කන්‍ය මවුගේ ස්වාමිපුරුෂයා වීමට බලය ලැබීය. එතුමා කිසි දිනක තම වංශය ගැන පාරට්ටු කර නැත. අන්‍යයන් නිගාවට පත් කර නැත. අපටද දෙව් අභිමතය ලෙස දිනපතා ජීවිතය ගත කිරීමට වරම් යදිමු. එතුමාගේ ආදර්ශය අප ජීවත් කරවීමට යොදා ගනිමු.
ප්රාතිහාර්යය.
ප්‍රංශ රාජ්‍යයේ ජේසු නිකායේ පේදුරු කොතොනියුස් නම් පූජා
ප්‍රසාදි තුමා ජීවත් විය. එතුමා ඉතා කීර්තිමත් සතරවන හෙන්රි රජතුමාගේ ආත්මීක පියා සහ සුහද මිතුරා විය. ඔහුගේ ආධාර ඇතිව ආරාම කීපයක් පිහිටුවා විශ්වාසය නොමැති වූවන්ට විශ්වාසයේ තිළිණය ලැබ දෙන්නට සමත් විය. මෙම පියතුමා ආදිපිතුරු වූ ශු.ජුසේ තුමා තමාගේ රැකවලා සහ ආධාරකාරයාණන් කොට තෝරා ගෙන ඉතාම භක්ති ආදරයෙන් ගෞරව කළේය. එමෙන්ම මුළු ප්‍රංශ රාජ්‍යය තුළ එම භක්තිය තමාට හැකි පමණින් පතල කිරීමට ඉතා වෙහෙස දැරීය. එතුමා නොයෙකුත් ස්ථාන වල දේශනා කරමින් ශු.ජුසේ තුමාගේ ජීවිත කථාව අළලා පොත් ලියා සැදැහැවතුන් දැනුවත් කළේය. එමනිසා ජනතාව තුළ එම භක්තිය පතල විය.ප්‍රංශයේ ජුසේ මුනිඳුනමට ප්‍රථම දෙව් විමනක් ගොඩනැගීය. ඉන්පසු ඉතා උත්සවකාරයෙන් එම මංලග්‍යය පැවැත්වූයේය. ශු.ජුසේ තුමා එම පූජා ප්‍රසාදි තුමාට විවිධ අන්දමෙන් උපකාර කර ඔහුව නොයෙකුත් අන්තරා වලින් ගළවා ගත් සේක. ඔහුට තව පණිවුඩයක් ශු.ජුසේ තුමා කලින් දැන්වීය. එනම් "ඔබ දෙවිඳුන් තුළ නසිනුයේ මාර්තු19 වන දින මාගේ මංගල්‍යය දිනයේය යයි." වදාල සේක. තවද ඔහුගේ මරණ මොහොතේදී පරිශුද්ධවූ කන්‍ය මාතාවො දර්ශනයවී ඉතා ආදරෙයන් මෙසේ කීවාය. "නුඹ මාගේ ශුවිශුද්ධ දමිපති වන ශු.ජුසේ මුනිඳු වෙත භක්කිතිය පළ කිරීමට ඉතා වෙහෙස දැරූ බැවින් මේ අවස්ථාවේදී ඔබට උදව් වීමටත් මාගේ දිව්‍ය පුත්‍රයාණන් වෙතට ඔබව ගෙන යා මටත් මම ආ වෙමි. ”යි
යනුවෙනි.එම මංගල්‍යය දින එතුමා ස්වර්ගස්ත විය.
රාජකීය වංශයක උපන්
ශු.ජුසේ තුමෙනි ඔබට ප්‍රශංසා වේවා.
සැකසුම දුලාජ් සංජය
"ආලෝකය වේවා" සඟරාවෙන් උපුටා ගන්නා ලදි.
රංජන් ද මැල්
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි.)
No comments:
Post a Comment