ලෝක පූජිත දකුණු අපි‍්‍රකාවේ ප‍්‍රථම කඵ ජාතික ජනාධිපති වන නෙල්සන් මන්ඩේලාගේ අභාවය ගැන අපගේ ශෝකය මින් ප‍්‍රකාශ කර සිටිමු.
එතමාගේ ජීවිතයෙන් හා පැවැත්මෙන් සමස්ත ලෝකයට ම ඉදිරිපත් කළ මහගු පණිවිඩය වන "සමාව දීම, සාමය, සන්හිඳියාව හා සාධරණත්වය මෙන් ම තමනට හිරිහැර කළ අයගෙන් පලි නො ගැනීම” හා අවිහිංසාව වැනි ගුණ ධර්ම ලෝක නායකයන්ට පමණක් නොව සැමට ම මහත් ආදර්ශයකි, එය ආගම ඇදහීමෙ සැබෑ ප‍්‍රවනතාවයකි. මෙ ගූණධර්ම අතරින් මානව ගරුත්වය තකා "සමාව දීම" කැපී පෙනෙන යථාර්ථයකි. තමන් විසින් සිරයෙන් නිදහස්වී පැවැති ජනාධිපතිවරණයෙන් තම දේශයේ නායකයත්වය ලබා ආත්මාර්ථකාමිත්වයෙන් බැහැරවී එහි දිගින් දිගට ම රැඳී නො සිට ස්වෙච්ඡාවෙන් විශ‍්‍රාම යාමෙන් ලෝක නායකයන්ටද ආදර්ශයක් සපයා ඇත. තවද තම සේවාව පිඩීත ජනතාව වෙනුවෙන් ම වැය වීම පරිත්‍යාගශීලි ජීවිතය ඉස්මතු කිරීමකි.
අප දිවයින තුළද දින දෙකක ශෝක දිනයන් පැවැත්වීම අගේ කළ හැකි කරුණකි, එයාකාරයෙන් ම එතුමාගේ ජීවිතාදර්ශයෙන් උගත හැකි පාඩම් අප රට තුළද දියත් කරළීමේ අවශ්‍යතාවය ප‍්‍රත්‍යක්ෂ යථාර්ථයකි. එනම් අප සමාජය තුළ වෙලා ගෙන ඇති "දුෂණය අධික ඝාතන සංස්කෘතිය හා බිය රජකරවන මානසිකත්වය" ලක් දෙරණින් සම්පූර්ණයෙන් ම අතුගා දැමීමට නෙල්සන් මන්ඩෙලාගේ මරණයෙන් ලබා ගත හැකි ධර්ම ශක්තිය සකී‍්‍රය කිරීමට හැකි වේවා යන්න අපි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමු.
No comments:
Post a Comment