ශු. මැක්ෂිමිලියන් මරියා කෝල්බෙ මුණිතුමා.
‘‘සත්‍ය වෙනස් කිරීමට කිසිම බාහිර බලයක් සමත් නොවේ’’
අරක්ගත් මුනිවරයාණෝ : දේශපාලන සිරකරුවන්ගේ
ජීවිත කාලය : 1891 -1941
මංගල්‍ය දිනය : අගෝස්තු 14
උපන් ස්ථානය : පෝලන්තය
ලංකාවේ දෙව්මැදුර : විශාකාවත්ත- ( ඒකල /ජා ඈල )
පෝලන්තයේ ලොව් නුවර අසල ඩුන්ස්කා වොලා නමැති ග්‍රාමයේ දුප්පත් කම්කරු පවුලක් ජීවත් විය. 1891 වසරේ ජූලියා කෝල්බේ නම් කඩවසම් බැහැපත් තරුණයා, මරියා ඩබ්රොස්කා නම් කන්‍යා සොයුරියක් වීමට ඉමහත් ආශාවෙන් සිට අවස්ථාවක් නොලැබුණු තරුණියක සමඟ ආශිර්වාදකාර බන්ධනයේ ප්‍රසාද නිධානයෙන් එකම මාංශයක් බවට පත්විය. ඔහු ද ප්රැන්ස්කානු ගිහිපන්තියට අයත් විය. මෙම දේව ගරුබිය ඇති දෙමාපියන්ට දාව රේමන් 1894 ජනවාරි මස 08 වැනි දින මෙලොව එළිය දුටුවේ ය. කුඩා කල සිට ම දඟකාර ගති පැවතුම් ද තමා වරදක් කර පසු එය වටහාගෙන දෙමව්පියන් දඬුවම් කිරීමට පෙර ම දඬුවම් ඉල්ලීම ඔහු තුළ වූ පුදුම ගති ලක්ෂණයකි. සියලූ අගහිඟකම් මධ්‍යයේ දෙවිඳුන්ට පේ‍්‍රම කළ දෙමාපියෝ රේමන්ට හා ඔහුගේ වැඩිමහල් සොයුරු ප්රැන්සිස්ට නිතරම දෙවියන්ට ප්‍රසන්න ලෙස ජීවත් වීමට ඉගැන් වූහ.
දිනක් රේමන් කළ දඟකාර වැඩක් නිසා මවට හොඳට ම කෙන්ති ගියා ය.
‘‘අනේ ළමයෝ, ඉස්සරහට උඹට මොනවා වෙයිද දන්නේ නැහැ.’’
මෙලෙස තම මෑණියන්ගේ සිත රිදවීම නිසා රේමන් ඉතා දුකට පත් විය. ඔහු නොකඩවා කඳුළු සලමින් දෙව්මව්න්ට යාච්ඤා කළේ ය. දේවස්ථානයට ගොස් තමාට යහපත් දරුවෙකු වීමට කියා දෙන ලෙස දේව අම්මාගෙන් ඉල්ලී ය.
දිනක් තමාට අනාගතයේ වෙන්න යන්නේ කුමක් දැයි අසමින් අම්මාට දෙව්මැදුර තුළ යාච්ඤා කරමින් සිටියදී සුදු රෝස ඔටුන්නක් හා රතු රෝස ඔටුන්නක් දෑතීන් ගත් ඉතා ලස්සන බබළන තැනැත්තියන් දර්ශනය විය. පුදුමයට පත් රේමන්ට මෙය අදහාගත නොහැකිව ඇදවැටුණි. ඔහු තමා ඉදිරියේ සිටින්නේ දේව මෑණියන් බව වටහා ගත්තේ ය. ඇය රේමන්ට මෙලෙස පැවසුවා ය.
‘‘පුතේ, ඔය සුදු රෝස ඔවුන්නෙන් කියන්නේ හැමදාම පිරිසිදුව ජීවත් විය යුතු කියලා. රතු රෝස ඔවුන්න සංකේතවත් කරන්නේ ඔබේ ජීවිත පූජාවයි. පුතේ මේ වගකීම් දෙක බාරගන්න කැමතිද?’’
එනම් කන්‍යාභාවය හා ප්‍රාණපරිත්‍යාගී භාවය යන්න ඒවායේ තේරුම් විය.
‘‘ඇත්තෙන්ම කැමතියි දේව අම්මේ’’
රේමන්ගේ මුවින් පිට වුණේ මෙවැනි උද්යෝගිමත් පිළිතුරකි. එතැන් පටන් රේමන් ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීම ඇරඹුවේ ය.
රේමන්ගේ පවුල ආර්ථික අපහසුතාවලින් පෙලූණ නිසා ඔහුගේ බලාපොරොත්තුව වූ පූජාප්‍රසාදිතුමෙකු වීම අතහැර දැමීමට සිදුවිය. එහෙත් තමාට පැවරුණු නිවසේ රාජකාරී හරියාකාරව ඉටුකරමින් දෙමාපියන්ට කීකරු යහපත් ජීවිතයක් ගත කළේය. හදිස්සියේ ම මොහුගේ දක්ෂතා ගැන දැන පුදුම වූ නගරයේ බෙහෙත් සාප්පුවේ වෙද මහතාගේ සහයෙන් දෙව්සත්හලට ඇතුළු වීමට පළමු පියවර වශයෙන් අධ්‍යාපනය ඇරඹී ය. දුෂ්කරතා මධ්‍යයේ නොපසුබට ගමනක් ගොස් අවසානයේ 1907 වසරේ ලියෝ පෝල් හි ප්රැන්සිස්කානු දෙව්සත්හලට අතුළත් විය. ගණිතයට හා විද්‍යාවට අති දක්ෂයෙකු වූ රේමන් ගුරුවරුන් මවිත කරවූ බුද්ධියකින් යුත් ශිෂ්‍යයෙක් විය. මොහු කෙතරම් දක්ෂ ද කිවහොත් ගුවන් යානා නිපද වීමේ හැකියාව හා නගර ආරක්ෂා කිරීමට සැලසුම් නිර්මාණය කිරීමේ හැකියාව ද ඔහු සතු විය.
1910 සැප්තැම්බර් 4 වෙනි දින ‘‘මස්සිමිල්ලෝ’’ නමින් ප්රැන්සිස්කානු තාපසයෙකු බවට පත්විය. රෝමයේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ මෙතුමා 1914 නොවැම්බර් 1 වෙනි දින සදාවේදහාර දෙමින් දෙව්මවුන්ට තමා තුළ වූ තද ඇල්ම නිසා ‘‘මරියා’’ යන නම ද තම නමට ඈදා ගත්හ. 1918 වර්ෂයේ මැයි 28 වැනි දින දෙවිඳුන්ගේ මිදි උයගේ සේවකයෙකු ලෙස පූජාත්වරය ලැබුවේ ය.
1917 ඔක්තෝබර් 16 වන දින රහසින් තාපසයන් සත්දෙනෙකු එකතු වී එහි නියමුවා වූ කෝල්බේ තුමන්ගේ නායකත්වයෙන් ‘‘නිර්මල මරියාවන්ගේ යුද පෙරමුණ’’ "Knights of the Immaculate"ආරම්භ කරන ලදී. මුලදී එය අසාර්ථ වූවද පසුව 1919 අපේ‍්‍රල් මස xv වන බෙනඩික් සුදතුම් පියතුමාගේ ආශිර්වාදයත් සමඟ දියුණු විය. පව්කරුවන්ගේ සිත් හැරීම සඳහා යාච්ඤා කිරීම හා දෙව්මවුන්ගේ රැකවරණය තුළ යැපෙමින් එතුමිය අපේ ජීවිතයේ ආයුධයක් කර ගැනීම මෙහි මූලික පරමාර්ථය විය.
සිය රටට ගිය විට එහිදී ද තම මරිය පෙරමුණ දියුණු කිරීම අභිලාෂය වුවද ඉතා රෝගී තත්ත්වයට පත්වූ මෙතුමාගේ මුඛයෙන් ලේ වහනය විය. එතුමාගේ ක්ෂය රෝගය උත්සන්න වීම එයට හේතු විය. එහෙත් රෝගය හෝ තම දුබල කම බාධාවක් කර නොගත් මරණයේ දෙරටුව අභියස සිටි මෙතුමා දිවා ? වෙහෙසුනේ පෙරමුණේ දියුණුව හා ව්‍යාප්තිය තකාය. සඟරාවක් මඟින් මෙය ප්‍රචාරය කිරීම තම අවශ්‍යතාවයක් වූවද ශ්‍රේෂ්ඨයින්ගේ අවසර ලැබෙන තුරු ඉදිරියට පා තැබීමට නොහැකිව මග බලා සිටීමට සිදුවිය. 1919 අපේ‍්‍රල් මස xv බෙනඩික් ශුද්ධාත්තම පියතුමාගෙන් පෙරමුණට අවසර ලැබුණි. මෙතුමා මෙම නිර්මල මරියාවන්ගේ යුද පෙරමුණ ඇරඹීමට මුල් වූ පරමාර්ථ මෙසේ ය.
x පව්කරුවන්ගේ ද වේදභේදකරුවන්ගේ ද සභාභේදකරුවන්ගේ හා සභා විරෝධීන්ගේ සිත් හැරීම වෙනුවෙන්.
x නිර්මල කුමරි මරියාවන්ගේ රැකවරණය තුළ සියල්ලන් දෙවිඳුන් වෙත යොමු කිරීම වෙනුවෙන්. මෙතුමා කොතරම් දක්ෂ බුද්ධිමත් පියතුමෙකු වූවද ශ්‍රේෂ්ඨයින්ගේ අවසරය නොමැතිව කිසිවිටෙක කිසිදු තීරණයක් නොගත්තේ ය. එලෙස ම මෙතුමාගේ රෝගී තත්ත්වය ඉතා අසාධ්‍ය විය. 1919 ඔක්තෝබර් මස 17 වන දින පළමු වරට පෝලන්තයේ ‘‘නිමල කුමරි මරියාවන්ගේ යුද පෙරමුණ’’ "Knights of the Immaculate" ආරම්භ විය. එතුමාගේ ලේ වමනය දැමීම උත්සන්න වී කිසි වැඩක් කර ගත නොහැකි ලෙස රෝගය උත්සන්න විය. තමා කෙතරම් ශාරීරිකව දුබල වූවත් මරියාවන්ගේ ආදරය නිසා තම ගමන මොහොතකදු පමා නොකළේ ය. තවමත් ලොව පුරා ව්‍යාප්ත නොවූ තම පෙරමුණ ව්‍යාප්ත කිරීම ඒකායන අරමුණ කරගනිමින් විවිධ අගහිඟකම් මධ්‍යයේ 1922 ජනවාරි මස ‘‘වීර සෙබළා’’ සඟරාව ආරම්භ කරන ලදී.
‘‘වීර සෙබළා’’ සඟරාව. දහසක් බලාපොරොත්තු කෝල්බේ පියතුමාගේ හද තුළ ඇතිකරමින් ආරම්භ වූවද දෙවන කාණ්ඩය මුද්‍රණය කිරීම සඳහා ගෙවීමට සිදුවූ මාර්චි පන්සිය ගෙවීමට නොහැකිව මෙතුමා අන්ත අසරණ තත්වෙට පත් විය. මෙම ණය ගෙවීමට මෙතුමා සතුව කිසිදු මුදලක් නොවීය. කිසිවක් කර කියා ගත නොහැකි වූ පියතුමා දෙව්මවුන් තුළ විශ්වාසය තබා නොකඩවා යාච්ඤා කළේ ය. පුදුමයකි යාච්ඤාව අවසන් කර නැගිටි පියතුමාට අල්තාරය මත තිබුණු කවරයක් නෙත ගැටිණි. සමීපයට ගොස් ඒ දෙස බැලූ විට ‘‘මෑණියනි, මෙය ඔබට පුදමි’’ යනුවෙන් සටහන් කර තිබෙනු දුටුවේ ය. කුතුහලයෙන් කවර විවර කළ පියතුමාට දැක ගත හැකි වූයේ මාර්චි පන්සියක මුදලකි. ඒ අවස්ථාවේ අසරණවූ පියතුමන්ව ණය බරින් නිදහස් කර දීමට මෙලෙස දෙව්මවුන් උත්සුක වීම සැබවින් ම එතුමාගේ ඉදිරි ගමනට සවියක් විය.
මෙතුමා පෙරමුණේ දියුණුව වෙනුවෙන් ගත් සැම පියවරක්ම අතිශයින් සාර්ථක විය. දෙව්මවුන්ගේ ආදරය ලොවපුරා ගෙන යාමට ඇරඹූ ‘‘නිර්මල මරියාවන්ගේ යුද පෙරමුණ’’ හා ‘‘වීර සෙබලා’’ සඟරාව දිනෙන් දින දියුණු විය. ටික කලෙකින් ‘‘වීර සෙබලා’’ සඟරාව 60,000 මාස්පතා මුද්‍රණය කිරීමට සිදුවූ අතර පෝලන්තයේ පමණක් නිර්මල මරිය සේනාභටයෝ 126,000 පමණ සිටියෝ ය. මින් නොනැවතුණු පියතුමා ලොව පුරා ‘‘නිමල මරිය පුර’’ "City of the Immaculate" තැනීමේ කාර්යය ඇරඹීය. එතුළින් ආගමික පුනර්ජීවයක් දුන්හ.
වර්ෂ 1930 එවන් ආයතන දෙකක් ජපානයේ හා ඉන්දියවේ ද පිහිටුවීය මෙතුමා ජපානයට යන ගමනේදී කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝටලයේ නැවත ගිය බව සඳහන් වේ. 1930 මාර්තු 19 වෙනිදා ලංකාමාතාව මෙතුමන්ගේ ශුද්ධවූ පා පහස ලබන්නට තරම් වාසනාවන්ත විය.
මෙතුමා පෙරදිග කිතුනුවන් දෙව්මවුන්ගේ පේ‍්‍රමයේ ගිල්වනු වස් තම සේවය ඔවුන්ට පුද කළේය. 1924 අපේ‍්‍රල් 24 වෙනිදා නාගසාකියට පා තැබූ මෙතුමා ජපානයේ ද තම දුත මෙහෙවර අති සාර්ථකව ඉටු කළ බව නොරහසකි. මෙතුමා නැවතත් 1936 දී පෝලන්තයට කැඳවනු ලැබීය. එතැන් පටන් තව අවුරුදු කිහිපයකින් දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වන තෙක්ම නිමල මරි පුර අධිපති ලෙස දේව රාජ්‍ය ලොව තුළ ගොඩනැගීමේ කාර්යයට උර දුන්නේ ය.
1939 සැප්තැම්බර් 1 වෙනි දින දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. පෝලන්තය ද ජර්මනිය විසින් තම ගොදුරක් බවට පත් කර ගන්නා ලදී. දරුණු සටන් ඇති වී මුළු රටම ලේ විලක් බවට පත්විය. අවසානයේ තමන්ගේ ජාතිය උතුම් ජාතිය යැයි උදම් ඇනූ හිට්ලර්ගේ ක්‍රෑර නාසි මිලේච්ඡුයන් අතට පෝලන්තය පත්විය. දෙවන ලෝක යුද්ධයත් සමඟ ම විනාශයේ බෝම්බ "නිර්මල මරිය පුරයට" ද වැටිණි. හැකි තරම් තම සහෝදරවරු ආරක්ෂා කිරීමට වෙර දැරූ පියතුමා මරිය මවුන්ට තිබූ ආදාරය බිඳක් හෝ අඩු නොවීය.
වර්ෂ 1936 වනවිට එතුමා යටතේ පෝලන්තයේ පියවරු 760 ක්ද, සහෝදරවරු සිටියහ. එතුමා සන්නිවේදන කාර්යයන්හී ද යෙදී සිටි බැවින් නාසීස් ගේ ඉලක්ක ද විය. භායනක තත්වය වුයේ අවතැන් වූ ජුදාවරු 1500 එතුමා එහි ආරක්ෂා කළ බැවිනි.
පෝලන්තයේ ලොව් නුවර අසල ඩුන්ස්කා වොලා නමැති ග්‍රාමයේ දුප්පත් කම්කරු පවුලක් ජීවත් විය. 1891 වසරේ ජූලියා කෝල්බේ නම් කඩවසම් බැහැපත් තරුණයා, මරියා ඩබ්රොස්කා නම් කන්‍යා සොයුරියක් වීමට ඉමහත් ආශාවෙන් සිට අවස්ථාවක් නොලැබුණු තරුණියක සමඟ ආශිර්වාදකාර බන්ධනයේ ප්‍රසාද නිධානයෙන් එකම මාංශයක් බවට පත්විය. ඔහු ද ප්රැන්ස්කානු ගිහිපන්තියට අයත් විය. මෙම දේව ගරුබිය ඇති දෙමාපියන්ට දාව රේමන් 1894 ජනවාරි මස 08 වැනි දින මෙලොව එළිය දුටුවේ ය. කුඩා කල සිට ම දඟකාර ගති පැවතුම් ද තමා වරදක් කර පසු එය වටහාගෙන දෙමව්පියන් දඬුවම් කිරීමට පෙර ම දඬුවම් ඉල්ලීම ඔහු තුළ වූ පුදුම ගති ලක්ෂණයකි. සියලූ අගහිඟකම් මධ්‍යයේ දෙවිඳුන්ට පේ‍්‍රම කළ දෙමාපියෝ රේමන්ට හා ඔහුගේ වැඩිමහල් සොයුරු ප්රැන්සිස්ට නිතරම දෙවියන්ට ප්‍රසන්න ලෙස ජීවත් වීමට ඉගැන් වූහ.
පුදුම දර්ශනයක්
‘‘අනේ ළමයෝ, ඉස්සරහට උඹට මොනවා වෙයිද දන්නේ නැහැ.’’
මෙලෙස තම මෑණියන්ගේ සිත රිදවීම නිසා රේමන් ඉතා දුකට පත් විය. ඔහු නොකඩවා කඳුළු සලමින් දෙව්මව්න්ට යාච්ඤා කළේ ය. දේවස්ථානයට ගොස් තමාට යහපත් දරුවෙකු වීමට කියා දෙන ලෙස දේව අම්මාගෙන් ඉල්ලී ය.
දිනක් තමාට අනාගතයේ වෙන්න යන්නේ කුමක් දැයි අසමින් අම්මාට දෙව්මැදුර තුළ යාච්ඤා කරමින් සිටියදී සුදු රෝස ඔටුන්නක් හා රතු රෝස ඔටුන්නක් දෑතීන් ගත් ඉතා ලස්සන බබළන තැනැත්තියන් දර්ශනය විය. පුදුමයට පත් රේමන්ට මෙය අදහාගත නොහැකිව ඇදවැටුණි. ඔහු තමා ඉදිරියේ සිටින්නේ දේව මෑණියන් බව වටහා ගත්තේ ය. ඇය රේමන්ට මෙලෙස පැවසුවා ය.
‘‘පුතේ, ඔය සුදු රෝස ඔවුන්නෙන් කියන්නේ හැමදාම පිරිසිදුව ජීවත් විය යුතු කියලා. රතු රෝස ඔවුන්න සංකේතවත් කරන්නේ ඔබේ ජීවිත පූජාවයි. පුතේ මේ වගකීම් දෙක බාරගන්න කැමතිද?’’
එනම් කන්‍යාභාවය හා ප්‍රාණපරිත්‍යාගී භාවය යන්න ඒවායේ තේරුම් විය.
‘‘ඇත්තෙන්ම කැමතියි දේව අම්මේ’’
රේමන්ගේ මුවින් පිට වුණේ මෙවැනි උද්යෝගිමත් පිළිතුරකි. එතැන් පටන් රේමන් ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීම ඇරඹුවේ ය.
දෙව්සත්හලට ඇතුළුවීම
රේමන්ගේ පවුල ආර්ථික අපහසුතාවලින් පෙලූණ නිසා ඔහුගේ බලාපොරොත්තුව වූ පූජාප්‍රසාදිතුමෙකු වීම අතහැර දැමීමට සිදුවිය. එහෙත් තමාට පැවරුණු නිවසේ රාජකාරී හරියාකාරව ඉටුකරමින් දෙමාපියන්ට කීකරු යහපත් ජීවිතයක් ගත කළේය. හදිස්සියේ ම මොහුගේ දක්ෂතා ගැන දැන පුදුම වූ නගරයේ බෙහෙත් සාප්පුවේ වෙද මහතාගේ සහයෙන් දෙව්සත්හලට ඇතුළු වීමට පළමු පියවර වශයෙන් අධ්‍යාපනය ඇරඹී ය. දුෂ්කරතා මධ්‍යයේ නොපසුබට ගමනක් ගොස් අවසානයේ 1907 වසරේ ලියෝ පෝල් හි ප්රැන්සිස්කානු දෙව්සත්හලට අතුළත් විය. ගණිතයට හා විද්‍යාවට අති දක්ෂයෙකු වූ රේමන් ගුරුවරුන් මවිත කරවූ බුද්ධියකින් යුත් ශිෂ්‍යයෙක් විය. මොහු කෙතරම් දක්ෂ ද කිවහොත් ගුවන් යානා නිපද වීමේ හැකියාව හා නගර ආරක්ෂා කිරීමට සැලසුම් නිර්මාණය කිරීමේ හැකියාව ද ඔහු සතු විය.
1910 සැප්තැම්බර් 4 වෙනි දින ‘‘මස්සිමිල්ලෝ’’ නමින් ප්රැන්සිස්කානු තාපසයෙකු බවට පත්විය. රෝමයේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ මෙතුමා 1914 නොවැම්බර් 1 වෙනි දින සදාවේදහාර දෙමින් දෙව්මවුන්ට තමා තුළ වූ තද ඇල්ම නිසා ‘‘මරියා’’ යන නම ද තම නමට ඈදා ගත්හ. 1918 වර්ෂයේ මැයි 28 වැනි දින දෙවිඳුන්ගේ මිදි උයගේ සේවකයෙකු ලෙස පූජාත්වරය ලැබුවේ ය.
නිර්මල මරියාවන්ගේ යුද පෙරමුණ
1917 ඔක්තෝබර් 16 වන දින රහසින් තාපසයන් සත්දෙනෙකු එකතු වී එහි නියමුවා වූ කෝල්බේ තුමන්ගේ නායකත්වයෙන් ‘‘නිර්මල මරියාවන්ගේ යුද පෙරමුණ’’ "Knights of the Immaculate"ආරම්භ කරන ලදී. මුලදී එය අසාර්ථ වූවද පසුව 1919 අපේ‍්‍රල් මස xv වන බෙනඩික් සුදතුම් පියතුමාගේ ආශිර්වාදයත් සමඟ දියුණු විය. පව්කරුවන්ගේ සිත් හැරීම සඳහා යාච්ඤා කිරීම හා දෙව්මවුන්ගේ රැකවරණය තුළ යැපෙමින් එතුමිය අපේ ජීවිතයේ ආයුධයක් කර ගැනීම මෙහි මූලික පරමාර්ථය විය.
සිය රටට ගිය විට එහිදී ද තම මරිය පෙරමුණ දියුණු කිරීම අභිලාෂය වුවද ඉතා රෝගී තත්ත්වයට පත්වූ මෙතුමාගේ මුඛයෙන් ලේ වහනය විය. එතුමාගේ ක්ෂය රෝගය උත්සන්න වීම එයට හේතු විය. එහෙත් රෝගය හෝ තම දුබල කම බාධාවක් කර නොගත් මරණයේ දෙරටුව අභියස සිටි මෙතුමා දිවා ? වෙහෙසුනේ පෙරමුණේ දියුණුව හා ව්‍යාප්තිය තකාය. සඟරාවක් මඟින් මෙය ප්‍රචාරය කිරීම තම අවශ්‍යතාවයක් වූවද ශ්‍රේෂ්ඨයින්ගේ අවසර ලැබෙන තුරු ඉදිරියට පා තැබීමට නොහැකිව මග බලා සිටීමට සිදුවිය. 1919 අපේ‍්‍රල් මස xv බෙනඩික් ශුද්ධාත්තම පියතුමාගෙන් පෙරමුණට අවසර ලැබුණි. මෙතුමා මෙම නිර්මල මරියාවන්ගේ යුද පෙරමුණ ඇරඹීමට මුල් වූ පරමාර්ථ මෙසේ ය.
x පව්කරුවන්ගේ ද වේදභේදකරුවන්ගේ ද සභාභේදකරුවන්ගේ හා සභා විරෝධීන්ගේ සිත් හැරීම වෙනුවෙන්.
x නිර්මල කුමරි මරියාවන්ගේ රැකවරණය තුළ සියල්ලන් දෙවිඳුන් වෙත යොමු කිරීම වෙනුවෙන්. මෙතුමා කොතරම් දක්ෂ බුද්ධිමත් පියතුමෙකු වූවද ශ්‍රේෂ්ඨයින්ගේ අවසරය නොමැතිව කිසිවිටෙක කිසිදු තීරණයක් නොගත්තේ ය. එලෙස ම මෙතුමාගේ රෝගී තත්ත්වය ඉතා අසාධ්‍ය විය. 1919 ඔක්තෝබර් මස 17 වන දින පළමු වරට පෝලන්තයේ ‘‘නිමල කුමරි මරියාවන්ගේ යුද පෙරමුණ’’ "Knights of the Immaculate" ආරම්භ විය. එතුමාගේ ලේ වමනය දැමීම උත්සන්න වී කිසි වැඩක් කර ගත නොහැකි ලෙස රෝගය උත්සන්න විය. තමා කෙතරම් ශාරීරිකව දුබල වූවත් මරියාවන්ගේ ආදරය නිසා තම ගමන මොහොතකදු පමා නොකළේ ය. තවමත් ලොව පුරා ව්‍යාප්ත නොවූ තම පෙරමුණ ව්‍යාප්ත කිරීම ඒකායන අරමුණ කරගනිමින් විවිධ අගහිඟකම් මධ්‍යයේ 1922 ජනවාරි මස ‘‘වීර සෙබළා’’ සඟරාව ආරම්භ කරන ලදී.
පියතුමා දිව්‍ය සංරක්ෂණය තුළ යැපෙයි
‘‘වීර සෙබළා’’ සඟරාව. දහසක් බලාපොරොත්තු කෝල්බේ පියතුමාගේ හද තුළ ඇතිකරමින් ආරම්භ වූවද දෙවන කාණ්ඩය මුද්‍රණය කිරීම සඳහා ගෙවීමට සිදුවූ මාර්චි පන්සිය ගෙවීමට නොහැකිව මෙතුමා අන්ත අසරණ තත්වෙට පත් විය. මෙම ණය ගෙවීමට මෙතුමා සතුව කිසිදු මුදලක් නොවීය. කිසිවක් කර කියා ගත නොහැකි වූ පියතුමා දෙව්මවුන් තුළ විශ්වාසය තබා නොකඩවා යාච්ඤා කළේ ය. පුදුමයකි යාච්ඤාව අවසන් කර නැගිටි පියතුමාට අල්තාරය මත තිබුණු කවරයක් නෙත ගැටිණි. සමීපයට ගොස් ඒ දෙස බැලූ විට ‘‘මෑණියනි, මෙය ඔබට පුදමි’’ යනුවෙන් සටහන් කර තිබෙනු දුටුවේ ය. කුතුහලයෙන් කවර විවර කළ පියතුමාට දැක ගත හැකි වූයේ මාර්චි පන්සියක මුදලකි. ඒ අවස්ථාවේ අසරණවූ පියතුමන්ව ණය බරින් නිදහස් කර දීමට මෙලෙස දෙව්මවුන් උත්සුක වීම සැබවින් ම එතුමාගේ ඉදිරි ගමනට සවියක් විය.
මෙතුමා පෙරමුණේ දියුණුව වෙනුවෙන් ගත් සැම පියවරක්ම අතිශයින් සාර්ථක විය. දෙව්මවුන්ගේ ආදරය ලොවපුරා ගෙන යාමට ඇරඹූ ‘‘නිර්මල මරියාවන්ගේ යුද පෙරමුණ’’ හා ‘‘වීර සෙබලා’’ සඟරාව දිනෙන් දින දියුණු විය. ටික කලෙකින් ‘‘වීර සෙබලා’’ සඟරාව 60,000 මාස්පතා මුද්‍රණය කිරීමට සිදුවූ අතර පෝලන්තයේ පමණක් නිර්මල මරිය සේනාභටයෝ 126,000 පමණ සිටියෝ ය. මින් නොනැවතුණු පියතුමා ලොව පුරා ‘‘නිමල මරිය පුර’’ "City of the Immaculate" තැනීමේ කාර්යය ඇරඹීය. එතුළින් ආගමික පුනර්ජීවයක් දුන්හ.
වර්ෂ 1930 එවන් ආයතන දෙකක් ජපානයේ හා ඉන්දියවේ ද පිහිටුවීය මෙතුමා ජපානයට යන ගමනේදී කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝටලයේ නැවත ගිය බව සඳහන් වේ. 1930 මාර්තු 19 වෙනිදා ලංකාමාතාව මෙතුමන්ගේ ශුද්ධවූ පා පහස ලබන්නට තරම් වාසනාවන්ත විය.
මෙතුමා පෙරදිග කිතුනුවන් දෙව්මවුන්ගේ පේ‍්‍රමයේ ගිල්වනු වස් තම සේවය ඔවුන්ට පුද කළේය. 1924 අපේ‍්‍රල් 24 වෙනිදා නාගසාකියට පා තැබූ මෙතුමා ජපානයේ ද තම දුත මෙහෙවර අති සාර්ථකව ඉටු කළ බව නොරහසකි. මෙතුමා නැවතත් 1936 දී පෝලන්තයට කැඳවනු ලැබීය. එතැන් පටන් තව අවුරුදු කිහිපයකින් දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වන තෙක්ම නිමල මරි පුර අධිපති ලෙස දේව රාජ්‍ය ලොව තුළ ගොඩනැගීමේ කාර්යයට උර දුන්නේ ය.
පියතුමා නාසින්ගේ වදකාගාරය
ජුදාවරුන් විනාශ නොකර නව යුරෝපයක් බිහිකළ නොහැකි බව නාසින් විශ්වාස කළහ. ඒ නිසා ඔවුන්ට අමානුෂික ලෙස කි‍්‍රයා කළහ. ඒ නිසා ඔවුන් වෛර කළේ එක ජාතියකට පමණක් නොවේ. වර්ෂ 1945 වන විට අඩු තරමින් මිලියන 6 ක ජුදාවරුන්, මිලියන 5 ක අන්යාගමිකයිනුත් නාසි තර්ජනයට ගොදුරු වූහ. වර්ෂ 1939 අගෝස්තු 22 පෝලන්තය අල්ලාගත් නාසීන්ට අඩෝල්ෆ් හිට්ලර් කීවේ ‘‘කිසිම කරුණාවක්, සමාවක් නැවති පෝලන්ත ජාතික ගැහැණු, පිරිමි සහ දරුවන් මරන්න’’ යන්නයි. විවිධ ක්‍රම තුළින් ලක්ෂ 60 ක් පමණ, ජනගහණයෙන් 22% ක් මරා දැමුහ. සමහර ප්‍රදේශවල අය කි‍්‍රස්තියානීන් වූහ.
පාසල් වසා දමන ලද අතර, සියලූම රැකියාවල සේවය කළ බුද්ධිමතුන් විනාශ කරන ලදී. වෝර්සෝ පදවියේ පමණක් පියවරුන් 212 ද, පෘසියාවේ 460 ක් අත්අඩංගුවට ගෙන 214 දෙනෙක් ඝාතනය කළහ. වර්ෂ 1939 දෙසැම්බර් 10 Griezno- Poznan හී අගරදගුරු කාදිනල් අගස්තීනු Hlond මේ පිළිබඳ පාප්තුමාට දැන්වීය.
පාසල් වසා දමන ලද අතර, සියලූම රැකියාවල සේවය කළ බුද්ධිමතුන් විනාශ කරන ලදී. වෝර්සෝ පදවියේ පමණක් පියවරුන් 212 ද, පෘසියාවේ 460 ක් අත්අඩංගුවට ගෙන 214 දෙනෙක් ඝාතනය කළහ. වර්ෂ 1939 දෙසැම්බර් 10 Griezno- Poznan හී අගරදගුරු කාදිනල් අගස්තීනු Hlond මේ පිළිබඳ පාප්තුමාට දැන්වීය.
වර්ෂ 1936 වනවිට එතුමා යටතේ පෝලන්තයේ පියවරු 760 ක්ද, සහෝදරවරු සිටියහ. එතුමා සන්නිවේදන කාර්යයන්හී ද යෙදී සිටි බැවින් නාසීස් ගේ ඉලක්ක ද විය. භායනක තත්වය වුයේ අවතැන් වූ ජුදාවරු 1500 එතුමා එහි ආරක්ෂා කළ බැවිනි.
1941 පෙබරවාරි මස 17 වෙනි දින උදෑසන 9.00 ට පමණ පොලිස් රථ දෙකක් නිමල මරි පුරයට ළඟා විය. පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සිටියේ පියතුමා රැගෙන යාමට ය.
‘‘මස්මිල්ලෝ කියන ඌරා තමුසෙද?’’ එක් පොලිස් භටයෙක් පහරක් ඔහුගේ උදරයට අනින ගමන් ඇසීය.
‘‘එහෙමයි. ඔහු තමයි මම’’ පියතුමා බැහැපත්ව පිළිතුරු දුන්නේ ය.
‘‘එහෙනම් යමං’’ පියතුමා සමඟ තවත් පියවරු සිරභාරයට ගනු ලැබීය.
තමාගේ අතීත සිහිනයක් යථාර්තයක් බවට පත් වූ ‘‘නිමල මරි පුර’’ දෙස ආදර බැල්මක් හෙළු මෙතුමා ‘‘නමෝ මරියනි ප්රියප්රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ය’’ යැයි පවසා නැවත නොඑන ගමනක් සඳහා ක්‍රෑර පොලිස් භටයන් සමඟ ගමන් ඇරඹී ය.
මෙතුමා චෝසෞ නගරයේ පිහිටි ඇසීමට පවා බියකරු වූ වෝර්සෝ හී Pawiak පබියානිය යුද කඳවුරට ගෙන යන ලද්දේය. මෙය දිනපතා මිනිසුන් දහස් ගණනින් අමු අමුවේ මරා දැමූ වඨකාගාරයකි. අප පියතුමාව නොම්බර් 103 සිර කුටියට දමන ලදී. සිර ගෙදරදී මෙතුමාට සැලකුවේ තිරිසනෙකුටත් වඩා නින්දිත ආකාරයකටය. කටින් ශරීරයෙන් ලේ ගලා යන තුරු පහර කෑ එතුමා ඉතා දුබල තත්ත්වයට පත් විය. අවසානයේ නට්සි මරණ පෝරකයට මෙතුමාව යැවී ය. සිරගෙය තුළ කෙතරම් පහර කෑව ද ඒ හැම වේදනාවක්ම කුමරි මරියාවන් වෙනුවෙන් ඇය තෑගි කරන්නට යන රතු රෝස මල් ඔටුන්න වෙනුවෙන් ඔප්පු කළේ ය.
මේ අතර ඉතා භයානක සිද්ධියක් සිදුවිය. එනම් පියතුමාගේ කණ්ඩායමේ එක් අයෙකු ගෙයි දහසක් මුරකාවල් බිඳගෙන පැන යාමයි. එහි ප්රතිවිපාකය වූයේ ඔහුව අල්ලා නොගත හොත් ඔහු වෙනුවෙන් සිරකරුවන් දස දෙනෙකු මරණයට පත්කිරීම ය. මෙය ඉතා ශෝචනීය මරණයකට ගොදුරු වූ ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයට එකතුවූ මරණයේ හෝරාවට පැමිණි තවත් දස දෙනෙකුගේ අවසන් ගමනේ ආරම්භයක් විය. එදින සවස සිරකරුවා සොයාගත නොහැකි වූ හෙයින් දස දෙනෙකු මරණයට තීන්දු විය.
දස දෙනාගේ මර අඳෝනා හා විලාප හැඬුම් මැද ‘‘අනේ දෙවියනේ මගේ දරුවෝ මගේ බිරිඳ’’ යැයි විලා කියන හඬ කෝල්බේ පියතුමාගේ සවන් වැකුණි. මෙතුමාගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට මෙය කදිම අවස්ථාවකි. තවත් බලාසිටිය නොහැකි පියතුමා අභීතව ඉදිරියට ගොස් මිලේච්ඡු සේනාධිපති ඉදිරියේ සිට ගත්තේ ය. කෝපයෙන් ඇවිලී ගිනියම් වී සිටි සේනාපතියා.
‘‘මේ තක්කඩි නාකියාට මොනවා ඕනෑ වෙලාද?’’ යැයි කෑගැසී ය. පියතුමා ඉතා බැගෑපත්ව නිශ්චලව සිට
‘‘ඔබ මරණයට ගෙන යන සොහොයුරා වෙනුවෙන් මම මරණය තෝරාගත්තා’’
යැයි පවසමින් පෝලන්ත වැසියා වෙනුවෙන් පියතුමා මරණය බාරගත් සේක.
‘‘ඇයි ඔබ ඒ වගේ තීරණයක් ගත්තේ’’ සේනාධිපති ප්‍රශ්න කළේ ය.
‘‘මම පියතුමෙක් තම මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා තවත් දෙයක් අපට ඉතිරි වෙලා නැහැ’’
‘‘ඔබ ජීවිතය දෙන්නේ කාව බේරගන්නද?’’
‘‘මේ දරු පවුල්කාරයා ප්‍රැන්සිස් බේරා ගැනීමටයි’’
පියතුමා පිළිතුරු දුන්නේ ය.
මෙලෙස මරණයට ගෙන යන තිරිසනුන් ලෙස දස වද දෙමින් කෝල්බේ පියතුමා ඇතුලූ සිරකරුවන් බන්කරය වෙත ගෙන ගියේ ය. 1941 අගෝස්තු 14 දින ඔවුන් එළියට ගත්විට පස්දෙනෙකු පණ අදිමින් සිටි අතර කෝල්බෙ පියතුමාට සිහිය තිබිණි.
රතු රෝස මල් ඔටුන්නක හිමිකරු වීම
සැබවින්ම මෙතුමාට යෑමට සිදුවූයේ කල්වාරි ගමනකි. අසාධාරණ නඩු තීන්දුවකින් පසු වැටි වැටී කස පහර, පා පහර කමින් නිරාහාරශීලීව දිය බිඳක්වත් නොමැතිව කුරුස පාමුලට පැමිණීම නැතහොත් බන්කරය තුළට පැමිණීමට මෙතුමාට සිදුවිය. පොළව යට වූ කුඩා කුටියක් තුළ නිර්වස්ත්‍රව සිරකරන මොවුන්ව මෙලෙස එහිදී විදින්න සිදුවූයේ ඉතා නින්දිත අශික්ෂිත දඬුවම්ය. මොවුන් මෙලෙස නිරාහාරව තබා තිරිසනුන් ලෙස මරා දැමීම පාලකයින්ගේ බලාපොරොත්තුව විය. මෙහිදී බොහෝ දෙනා සිහි විකල් වී මරණය හමුවේ තිරිසනුන් ලෙස හැසිරී අවසානයේ නින්දිත ලෙස මිය පරලොව යති. අවටින් වූ සෑම බන්කරයකින් ම ඇසුනේ මරබිය හා විලාප පමණි.
තමාට බන්කරයේ විඳින්නට වූ වේදනා වැඩිවන්නට වත්ම තව තවත් ස්ථීර වූ පියතුමා විලාප වෙනුවට තම සොහොයුරා සිරකරුවන් නවදෙනා සමඟ මරිය මවුන්ට පැසසුම් ගී ගායනා කරන්නට වූහ. නිරාහාරව සිටි මොවුන්ගේ අවසානය කෙමෙන් කෙමෙන් ළං විය. ඒ වනවිටත් අන් බුන්කර වන මෙන් මෙම බුන්කරය ද මිහිපිට අපායක්, මරණය හා ජීවිතය අතර පොරබදිමින් මිනිස්කම අමතක කළ නිරයක් තවත් මිනිසුන් නොව ද සිහියෙන් යුත් තිරිසනුන් පිරිසක් ඉතිරිවූ ස්ථානයක් වනු ඇතැයි පාලකයෝ සිතුව ද එය එසේ නොවී ය. ඔවුනට විශේෂයෙන් කෝල්බේ පියතුමාට බුන්කරය ස්වර්ගයේ දොරටුව විය. මෙලෙස බුන්කර වලට ඇතුළු කළ ඔවුන්ව නැවත එළියට ගත්තේ පිළුස්සා දැමූ මළමිනී වශයෙනි. මරණය කිටුට්වත්ම මොවුහු පියතුමා හා එක්ව ජපමාලය යදිමින් ගීතිකා ගායනා කළෝ ය. මෙය සිර ගෙදර සේවකයන් පුදුම කරවන්නක් විය.
දිනෙන් දින බන්කරයේ වාසනාවන්ත සිරකරුවෝ ස්වර්ගීය සම්පත උරුම කර ගත්හ. අවසානයේ ඉතිරි වූයේ පියතුමා ඇතුළු තිදෙනෙකු පමණි. අලූත් සිරකරුවන් එහි ගෙනැවිත් දැමීමට අවශ්‍ය වූ බැවින් 1941 අගෝස්තු 14 වෙනි දින මොවුන්ගේ ශරීර වලට විෂ විඳින ලදී. එදිනම අනෙකුත් සිරිකරුවන් තිදෙනා මිය ගිය ද කෝල්බේ පියතුමා මරි මවුන් ස්වර්ගාරෝපණය වූ දින යාච්ඤාකර ඉතා සැහැල්ලූවෙන් තම ආත්මය දෙවිඳුන්ගේ දෑතට භාරකර රතු රෝස මල් ඔටුන්න පැළඳ ගැනීමට එතුමිය සමඟ ස්වර්ගයට වැඩම කළේ ය.
මෙතුමාගේ අවසානය ළගා වන බව දැනුණු නිසාදෝ වැඩි වැඩියෙන් තම සොහොයුරන්ට ස්ථීරව සිටින ලෙස අවවාද කළේය.
‘‘සත්‍ය වෙනස් කිරීමට කිසිම බාහිර බලයක් සමත් නොවේ’’ යනු මෙතුමාගේ මුවින් නිතරම පිටවූ රන් වදනක් විය.
කෝල්බෙ බේරාගත් ෆැන්සිස් .ජී නගරයට නැවත පැමිණෙන කළ තම දරු දෙදෙනා මිය ගොස් තිබූ අතර, භාර්යාව ජීවත්ව සිටිනු දුටුවාය. ඔහු සියළු විස්තර හෙළි කළේය. මෙම විස්තර නිසා පියතුමාගේ ශුද්ධවන්තභාවයේ කටයුතු ආරම්භ කළේය. 1971 ෆැන්සිස් ජී රෝමයේ ඉන්නා කළ vi පාවුලූ පාප්තුමා කෝල්බෙ තුමාව භග්‍යවන්ත භාවයට උසස් කළ අතර, 1982 දී 11 වන ජුවාම් පාවුලූ පාප්තුමා ශුද්ධවන්තභාවයට ඔසවන ලදී. ෆ්‍රැන්සිස් 1995 මාර්තු 13 දින මිය ගියේය.
කෝල්බෙ පියතුමා ආරම්භ කළ
"Knights of the Immaculate" සංවිධානය වර්තමානයේ ඕස්ටේ්රලියාව, අපි‍්‍රකාව, ආසියාව සහ උතුරු ඇමෙරිකාවේ ව්‍යාප්ත වී ඇත. ඔවුන්ය KOLBE'S KNIGHTS වශයෙන් හඳුන්වනු ලැබේ.
අපි යාච්ඤා කරමු
දෙවි ස්වාමිනී, ඔබ නිසා පණ පිදු විසෘයන් වන භාග්‍යවත් මැක්සිමිලන් කෝල්බේ මුනිවරයා අභිමානයෙන් සමරන අපගේ අයදීමට සවන් දී පිළිගත මැනව. එතුමන් දිවි පිදු දින බැතියෙන් සමරන්නා සේම, එතුමන් මෙන් ඔබ වහන්සේට විශ්වාසී ව දිවි ගෙවීමට අපට පිහිට වූව මැනව.
මෙ කී දේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා !
No comments:
Post a Comment