8 - දෙසැම්බර් - මතෙව් 11 : 2011
අද ස්නාවක ජුවාම් තුමාව බලන්නට සිරගෙදර ආ තම ශ්‍රාවකයන් කිහිපදෙනෙකුව ජේසු සමිඳුන් වෙත යවන්නේ තමන්ගේ කනට අනිත් අයගෙන් ඇසෙන දෙයක් ජේසු සමිඳුන්ගේම කටින් අසා දැන ගැනිමටය. එනම් සිදුවෙන දේවල් මෙසායාගේ කාලයේ සිදුවිය යුතු දේවල් බැවින් තමන්වහන්සේ හරියටම ඒ මෙසායා නමැති ගැළවුම්කාරයාදැයි යන්න දැන ගැනීමටය. ස්නාවක ජුවාම් තුමාගේ ශ්‍රාවකයෝ තමන්ටකී දේ හරියටම කළහ. එනම් එතැන මෙතැන උන්වහන්සේට සවන් දෙමින් සිටි අයගෙන් නොව ජේසු සමිඳුන්ගෙන්ම කෙලින්ම ‘‘ඔබ මෙසියස්ද නැතිනම් අපි වෙනත් අයෙකු බලාපොරොත්තු විය යුතුදැ’යි ඇසූහ. ඊට ජේසු සමිඳුන්ට දීමට තිබුණේ එක වචනයක උත්තරයකි. එනම්, ඔබ දකින දේ ගොස් ජුවාම්ට කියන්න. අන්ධයෝ පෙනීම ලබති. කොරු ඇවිදිති. ලාදුරු රෝගිහු පවිත්‍ර වෙති. බිහිරි අය ඇසීම ලබති.දිළිඳුන්ට සුභ ආරංචිය දේශනා කරනු ලබයි, ආදි වශයෙනි.
ඊට හේතුව අපි දැන් බලමු.
ඕනෑම ලොකු මිනිහෙක් තමන් කෙතරම් ලොකු කෙනෙක් වුණත් තමන් ලොකු මිනිහෙකුයි තමන්ගේම කටින් කියාගත් පසු ඔහුගේ ලොකුකම ගොඩාක් බාලවෙයි. ඊට හේතුව ඕනෑම පොඩි මිනිහෙකුට වුවද
වැටහේ. මිනිසුන්ට පෑමට හැකි ලොකුකම්වලට ලොකු අනාගතයක් නැත. ඇත්තේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා දික් කළ දවස් කිහිපයක් පමණි. එනම් සැබෑ ලොකුකම් පාන්නට හැක්කේ දෙවියන් වහන්සේට පමණකි. ජේසු සමිඳුන්ට මෙය වෙන කවදාවටත් වඩා තම ප්‍රසිද්ධ මෙහෙය පටන් ගත් පසු දැනෙන්නට පටන්ගෙන තිබුණි. දේව රාජ්‍යය උදාවී ඇති බව උන්වහන්සේට දැනුණේ තමන් කරන දේවල් නිසා නොව තමන්ට වෙන දේවල් නිසාය. තාත්තාගේ ගෙදර වෙන දේවල් ගලීලයේ සිදුවෙන්නට පටන් ගැනීමෙන් තම තාත්තාගේ අරුම පුදුම ආදරය ගැන ජේසු සමිඳුන්ට අලූතින් දැනෙන්නටත් තම තාත්තාගේ ආදර රජ දහනට උරදීමට තමන්ට ලැබී ඇති මේ මහඟු අවස්ථාවත් ගැන අමුතුවෙන් සිතන්නටත්
උන්වහන්සේ පෙළඹුණි. ඒ හැම විටම උන්වහන්සේට සිතුනේ තමන් කෙරුම්කාරයෙකු නොව කෙරුම්කාර දෙවිකෙනෙකුගේ යටහත්පහත් සේවකයෙකු නිසාය. එබැවින් ස්නාවක ජුවාම්ගේ ශ්‍රාවකයන්ට උන්වහන්සේ කියන්නේ තමන් කරන දේවල් නොව තමන් අතින් කෙරෙන දේවල්ය. එනම් උදාවී ඇති දේව රාජ්‍යයේ අපි කවුරුන් දාස දාසීන් විනා නළු නිලියන් නොවන බවය.
ජේසු සමිඳුන්ගේ උත්තරයේ තිබුණේ මේ නිහතමානීකමය. ඊටත් වඩා එහි තිබුණේ උන්වහන්සේගේ අලූත්ම අත්දැකී මය. එනම් කෙරෙන දේවල් පමණක් නොව තමන් කරන දේවල්වලත් උන්වහන්සේ දුටුවේ වෙන කාගේද අත්දෙකකි. තමන්ගේ ම අත්දෙක තවත් අත් දෙකකින් ඔසවා තබන ගතියක්, එහා මෙහා කරන ගතියක් හැම හැන්දෑවකම ජේසුට දැනුණි. තාත්තාගේ රාජ්‍යය නමක් නැති පොතක් සේ දිග හැරෙන විට එහි තමාගේ නම ලියා ගැනීමට තාත්තාගේ එකම පුතා ලෙස උන්වහන්සේටවත් සිතුණේ නැත. අපට නම් මීට හාත්පසින්ම වෙනස් දේවල් සිතේ. අපේ පල්ලියේ මොගොප්පුවේ බැරි නම් අලූතින් සෑදු සීනු කූඩුවේ කොනක හරි අපේ නම කොටා තබා යෑමට අපට සිතේ. අපේ සැදැහැවතුන් පවා මංගල මහ පූජවෙන් පසු නොඉවසිල්ලෙන් බලා සිටින්නේ එහි ආශ්චර්යවත්ම මොහොත වන මීසම් බාර පියතුමාගේ
ස්තූති කතාවට සවන් දීමටය. එහි ඔබේ නම් නොතිබුණොත් මංගල්‍යයට පැමිණියද අවමංගල්‍යයකට ඇවිත් යන කෙනෙකු සේ ඔබේ මුහුණ අඳුරු වෙයි. අප අපේ දේව සේවකයන්ගෙන්ද බලාපොරොත්තු වන්නේ දේව පුත්‍රයා දෙවියන් වහන්සේගෙන් වත් ස්නාවක ජුවාම්තුමා ජේසු සමිඳුන්ගෙන්වත් බලාපොරොත්තු නොවූ දේවල්ය. අපේ බලාපොරොත්තු අප වටා කැරකෙන විට දේව රාජ්‍යය අපේ හෙවනැල්ලට යටවේ. අප මේ ලෝකයට ආවේ දේව රාජ්‍යයට
සාක්ෂි දැරීමටය. එය යටපත් කිරීමට අප ජීවත් විය යුතු නැත. ස්නාවක ජුවාම් තුමා හිර බත් කමින් තවම දේව රාජ්‍යය ගැන සිතන් නැති පීඩා වලටත් වඩා මහත් දෙයක් වන නිසාය. මෙසියස් තුමා පවා තමන් මෙන් සේවකයෙකු බව ඇසීමෙන් ස් නාවක ජුවාම්ට ජේසු ගැන තවත් සතුටු සිතු ණි. උන්වහන්සේ හරියටම මෙසියස් තුමා බව මේ නි හතමානිකමෙන් ස්නාවක ජුවාම් දැන ගත්තේය. අපි කව්රුන්දැයි හරියටම දැන ගත හැක්කේද ස්නාවක ජුවාම් ජේසු කව්දැයි දැනගත් විධියටමය. ඔබ කව්දැයි දැන ගැනීමට ඕනෑ කරන අයකුට ඔබ කියන්නේ කුමක්ද? ඔබේ පුරසාරම ඔබේ කටින්ම කියා ගැනීමෙන් දේව රාජ්‍යයටත් වඩා ඔබව හෑල්ලූවෙයි. අප හොඳ ලොකු වැඩ කර අන්තීමට කට නිසා නැතිවිය යුතුද?
ගරු රවීන් සඳසිරි පියතුමා අතුලු දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්චාවක් ඇසුරිණි.
Published by: Ranjan De Mel.
No comments:
Post a Comment