ශුද්ධවූ ජුවාම් තුමාගේ සුවිශේෂයට අනුව ජේසු සමිඳුන් සිය ප්‍රසිද්ධ මෙහෙය අරඹන්නේ විවාහ මංගල්‍යයකිනි.
ශුද්ධවූ මතෙව් තුමාගේ සුවිශේෂයට අනුව උන්වහන්සේ සිය දුත මෙහෙවර අරඹන්නේ අවමංගල්යයකිනි.
ස්නාවක ජුවාම් තුමාගේ මෘත දේහය සිය බන්දු මිත්‍රයන්ට ලැබෙන විට එහි කඳ මිස හිස තිබුණේ නැත. එය වැරදි කළ ගැහැණියකගේ අතට දීසියක තබා පිරි නමා තිබුණි. ඇය තමාට පව් කරන්නට එපා කී මේ දිවැසිවරයාගෙන් පලි ගත්තාය. බන්දේසියක ඔහුගේ හිස සිටුවා ඔහුට විරිත්තුවාය. දිවැසිවරයකුට මෙවැනි කලක් ගිය පළමු අවස්ථාව මෙය නොවුනද මේ මරණය ජේසු සමිදුන්ට හරියට බලපෑවේය.
උන්වහන්සේ තම ප්‍රසිද්ධ මෙහෙය අරඹන්නේ මළ ගෙදරකට ගොස් එන කෙනෙකු ලෙස ලොකු දුකකින් සහ බයකිනි. තමාගේ ආරම්භයේම තමන්ගේ අවසානයේ සේයාව ජේසු සමිදුන්ගේ ඇඟට වැටුණි. ජේසු සමිදුන් නාසරතයෙන් නික්ම නප්තලී රට දෙසට ඇවිදගෙනම ගියේය. ජේසු සමිදුන්ගේ මෙහෙය ඇරඹෙන්නේ තම තාත්තාගේ ආදරවන්තම දිවැසිවරයකු අවසන් ගමන් ගිය දවසකය. එබැවින් මුල සිටම තමන් කළ යුත්තේ කුමක්දැයි යන්න සැම විටම තාත්තාගෙන් අසා කිරීමටත් මේ ජීවිතය ගෙවිය හැකි එකම අරුත්බර විදිය එය බවත් උන්වහන්සේට තදින්ම දැනුණි.
බොහෝ විට අපට දේවල් වරදින්නේ අප ඒවා කරන්නට පටන් ගන්නා විධියෙන්මය. සුබ නැකතින් අප පටන් ගත් බොහෝ දේ අතර මඟ නැවතී ඇත. බොහෝවිට අපේ ආරම්භ වලට ඒ අනාගතය උදාවන්නේ අපේ ආරම්භවල අවසානය නැති නිසාය. අප පටන් ගන්නා බොහෝදේවල් වලට පටන් ගනිද්දීම අරමුණක් නැත. අපට ඇති පර්චස් විස්සේම අපි අත්තිවාරම දමන්නෙමු. ඊට හේතුව අල්ලපු වත්තේද ලොකු ගෙයක් තිබීමය. අපේ දුවටද සොයන්නේ කාර් එකක්වත් තිබෙන මනමාලයෙක. ඊට හේතුව අපට යතුරු පැදියක්වත් තවම නැති බැවින් එක පවුලක් ලෙස කාර් එකක යෑමට ඇති ආශාවය. මෙවැනි බොහෝ පටු අරමුණු නිසා අපේ දරුවන්ගේ අනාගතය කුරුටු ගා දැමු දෙමව්පියෝ සිටිති. දෙවියන්වහන්සේ තම එකම පුතාට යථාර්ථය දුන්නේය. එයට මුහුණදීමට ඉගැන්නුවේය. හොඳ තාත්තා කෙනෙක් පුතෙකුට හැමවිටම දෙන්නේ ජීවිතයේ හරයය. ජේසු සමිදුන්ද හොඳ පුතෙකි. ඔහු දෙන්නට බැරි දේවල් තාත්තාගෙන් ඉල්ලා හැඬුවේ නැත. ගැළවුම්කාර පුතෙක් වීමට නම් තිබුණේ එකම එක විධියකි. ඒ විධිය රෝසමල් යහනාවක් නොවන බව තාත්තා පුතාට මුලින්ම කියා තිබණි. තාත්තා පුතාට එය අමතක නොවීමටද කටයුතු කළේය. ස්නාවක ජුවාම්ට අත්වූ ඉරණම තමාටද අත්වීමට ඇති බව තාත්තා පුතාගෙන් වසන් නොකළේය. තාත්තා එය තමාට අනාවරනය කළ දාම පුතාද තම වැඩයට බැස්සේය. එහිදී උන්වහන්සේට මුණ ගැසුණු අයට උන්වහන්සේද කතා කළේය. එවිට ඔවුහු මාළු අල්ලමින් සිටියෝය. තාත්තාගේ වැඩය කරන්නට පටන් ගත් විට මාළු අල්ලමින් සිටි අයවද උන්වහන්සේට පෙනුනේ තමන්ගේ වැඩයට උදව් කිරීමට තාත්තා තමා වෙත එවු අය ලෙසය. එතැන සිටි හතර දෙනෙකුටම උන්වහන්සේ එවෙලේම කතා කළේය. ඔවුහුද එකෙණෙහිම ඔවුන්වහන්සේ වෙත ආවෝය. ස්නාවක ජුවාම්ගේ අවමගුලෙන් සිත දුර්වල කර ගන්නවාටත් වඩා උන්වහන්සේ තවත් තාත්තාට ලං වුණේය. ඒ වන විටත් තාත්තා ලඟට ගෙස් සිටි ස්නාවක ජුවාම්ගේ මුහුණට ඔච්චම් කරනා මෝඩ බිසවක තුළ වැඩ කරනා සාතන්ව පරාජය කිරීමේ කර්තව්‍යය තදින්ම හිතට ගත්තේය. සාතන්ට එරෙහිව උන්වහන්සේ ඇරඹු සටනේ අවසානය පරාජයක් නොවීමට තම තාත්තා වග බලා ගන්නා බවට ජේසු සමිදුන්ට ලොකු විශ්වාසයක් තිබුණි.
ලැජ්ජාවකින් අවසන්වීමට තිබුණු විවාහ මංගල්‍ය ගෙදරක කුස්සියේ තම ප්‍රසිද්ධ ජීවිතය ඇරඹිමත් ස්නාවක ජුවාම්ගේ මළ ගෙදර දවසේ තම ප්‍රසිද්ධ මෙහෙය ඇරඹීමත් ජනතාව ගලවා ගැනීමට උපන් පුතෙකු වැඩ පටන් ගත යුතු විධියට පටහැනි නැත. අපද වෙනස් වෙනස් දේ කළද නොකළ යුත්තේ පටහැනිව වැඩ කරන එකය. ඔබ වැඩ කරන්නේත් එහෙමද?
ගරු රවින් සඳසිරි පියතුමා අතුලු දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්චාව ඇසුරිණි.
ලිපි පළකිරිම - රංජන් ද මැල්
( අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි)
No comments:
Post a Comment