සාමාන්‍ය සමයේ පස්වන ඉරුදින
කි‍්‍රස්තුන්වහන්සේ යනු අප සැමගේ ආලෝකයි. ජේසුස්වහන්සේ, ඔවුන්වහන්සේගේ කුරුසියේ යාගය මගින් සකල මනුෂ්‍යයන් වෙත ආලෝකයේ රශ්මි දහර විහිදුවා ඔවුන් වහන්සෙගේ අනුගාමිකයන් වන අප සැමටත් අන් අය උදෙසා ආලෝකය විහිදුවා ලන පහන්රුකක් වන්නට සුපුවත තුළින් ආරාධනාකරයි.
ආලෝකයයනු අඳුරේ විරුද්ධාර්ථයයි. මිනිසායනු තාපයකරා ඇදී යන සරල වශයෙන් කිවහොත් කෘමියෙකු ඉටිපහනක් දෙසට ආලෝකය සහ උණුසුම සොයා ඇදෙන්නාසේ අපිදු පාපය නමැති අන්ධකාරයේ මායාව වෙත ඉතා උද්යෝගයෙන් ආකර්ෂණය වේ. විටෙක එය අපගේ ස්වභාවය ලෙස අර්ථකථනය කරයි. එනමුදු එය සැබෑවක් නොවේ. සැබෑ යථාර්ථය නම් අපි අන්ධකාරයේ දරුවන් නොව ආලෝකයේ දේවදරුවන් බවයි. දෙවියන්වහන්සේ අපව මවා ඇත්තේ ඔවුන් වහන්සේගේම උතුම් ස්වභාවයට අනුවයි. (උත්පත්ති 1:27) එය සැබෑ සත්‍යවේ. එසේ නම් අපි ආලෝකය තුළ සැරිසරනවා යන්නෙන් අදහස්කරනු ලබන්නේමෙම දේව ස්වභාවය අප තුළ අත්දැකීමයි. එහෙත් අපි බොහෝ විට මෙම දේව ස්වභාවය අප තුළ අත් දකින්නට අපොහොසත්වී ඇත. අපි පාපය නමැති බඳුනෙන් මෙම දේව ස්වභාවය අප තුළ සඟවාගෙන ඇත. එම නිසා මෙම දේව ස්වභාවය නමැති ආලෝකය අන්අය වෙත විහිදුවාලන්නට අපට නොහැකි වී තිබේ.
එලෙසම අපේ කැඳවීම හා මෙහෙවර වියයුත්තේ කි‍්‍රස්තුන්වහන්සෙගේ ශ‍්‍රාවකයන් හා අනුගාමිකයන් ලෙස සාක්ෂිදැරීම තුළින් අන්අය උදෙසා වැයවන්නත් අන්අය ශුද්ධවත්කිරීමේ කාර්යයට දායකත්වයසැලසීමත් තුළිනි. දේව දරුකම නමැති ආලෝකය අපගේ ජීවිතය තුළ යථාර්ථයක් කර ගත හැකි වන්නේ අප සතු දෙය අන්අය සමඟ බෙදා ගැනීමෙනි. අප සතු පරමනිධානය නම් කි‍්‍රස්තුන්වහන්සේ කෙරෙහි ඇති අසීමිත විශ්වාසයයි. කි‍්‍රස්තියානි ජීවිතයයනු ඇදහිල්ලේ ජිවිතයයි. එසේනම් අපි මෙම කි‍්‍රස්තියානි ඇදහිල්ල ජීවත් කළයුත්තේ දයාවේ සේවාව තුළිනි.
ගරු රවින් සඳසිරි පියතුමා අතුළු දේවවචනය බෙදාගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්චාව ඇසුරිණි.
ලිපි පළකිරිම - රංජන් ද මැල්.
( අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි)
No comments:
Post a Comment