Saturday, February 22, 2014

එකට එක කරන්නේ කව්රු කියලා හිතාගෙනද?


සාමාන්‍ය සමයේ සත්වැනි ඉරුදින,  පෙබරවාරි 23 ඉරිදා


මතෙව් 5 : 38 - 48

අද සුවිශේෂයෙන් ජේසු සමිඳුන් කියන්නට උත්සාහ කරන්නේ මොනම අවස්ථාවකදීවත් එකට එක කිරීම නොකළ යුතු දෙයක් බවය. ඊට උදාහරණ කිහිපයක් ලෙෂ උන්වහන්සේ තමන්ගේ කම්මුලට පහරදෙන කෙනෙකුට කළයුතු දෙයද තමන්ගේ කමිසයට නඩු කියන කෙනෙකුට කළයුතු දෙයද බලහත්කාරයෙන් තමන්ගෙන් වැඩ ගන්න කෙනෙකුට කිවයුතු දෙයද අපට කියයි. මේ දේවල් ඇසෙන විට අපට හිතෙන්නේ ජේසු සමිඳුන් අපට කියන්නේ නිවටයන් මෙන් කරබාගෙන හැමෝගෙන්ම පීඩා විදින්න කියා කියන බවය. උන්වහන්සේ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. උන්වහන්සේ කියන්නේ මිනිසුන් සමග කී‍්‍රඩාකිරීමද තරග කිරිමද වාදවිවාද කිරිමද හොඳ දෙයක් වූවද සාතන් සමග සෙල්ලම් කිරීමට මොනම විධියකින්වත් ඉදිරිපත් නොවිය යුතු බවය. එකට එක කිරීම කා සමග කළද අන්තීමට එය කර ඇත්තේ එකම එක්කෙනෙකු සමගය. 





එකට එක කිරීම ඔලිම්පික් උළෙලේ මීටර් සියය තරගයට සහභාගී වනවා වැනිදෙයක් නොව, ඇමරිකාවේ පර්ල් වරායට ජපනුන් බෝම්බ හෙලීමට පලි ගැනීමට ඇමරිකාව ජපානයට පරමාණුබෝම්බය හෙලීමවැනිදෙයකි. පළිගැනීමද එකට එක කිරීමද අපේ කීඩාවක් නොවේ. එය සාතන්ගේ කී‍්‍රඩාවය. ජේසු සමිඳුන් කියන්නේ එම කී‍්‍රඩාවට මොනම විධියකින්වත් සම්බන්ධවන්න එපා කියාය. එබැවින් උන්වහන්සේ කියන්නේ ගුටියක්කා එතැනින් ඉක්මනින් ඉවත්වීම නිවට කමක් නොව වීරකමක් බවකි. මන්දයත් නපුරුකම් නවතින්නේ එදිවාදිකම් කිරීමෙන් නොව එදිවාදිකම් අත්හිටුවීමෙනි. එදිවාදිකම් අත්හිටුවීම් එදිවාදිකම් පවත්වාගෙන යනවාට වඩා අමාරුය. සැබෑ වීරයා සමාවදෙන මිනහාය.




එකට එක කරන එක නැවතවහාම සාතන්ට සෙල්ලමකිරීමට කෙනෙක් නැතිවේ. ඌට හැරී ගෙදරයෑමට සිදුවේ. ජේසු මෙසේ සාතන්ව හරවා ගෙදරයැවූ කෙනෙකි. උන්වහන්සේ එය සැමවිටම කළේ උන්වහන්සේ අද අපට කියන විධියටමය. උන්වහන්සේ තමන්ගේ උතුරු සළුව උදුරන්නට අදනයද ගලවන්නට දුන්නේය. රැවුල ගස් උදුරන්නන්ගෙන් උන්වහන්සේගේ මුහුණ සඟවා නොගත්තේය. උන්වහන්සේට කස පහර ගහන අයට පයින් ගැසුවේවත් උන්වහන්සේට කෙළ ගසන අයට කුණු හරුපෙන් බැන්නේවත් නැත. ඊටහේතුව මේහැමදේම කරන්නේ කව්දැයි උන්වහන්සේහරියටම දැනගෙන සිටි නිසාය. උන්වහන්සේ දැන සිිටියේ උන්වහන්සේව මුණගැසී කතා කළ අය පමණක් නොවේ. 

හැම මිනිසෙකුගේම ඔළුවට නැගීමට බලා සිටින තහනම් ගහටනැඟසිටි සර්පයාව උන්වහන්සේ හඳුනාගෙන සිටිසේක. ඌ සමග සණ්ඩු කරන විධිය උන්වහන්සේ දැන සිටියේය. සාතන්ට කම්මුල්පහරක් දීමටනම් ඌ ගහන කම්මුල් පහර ඉවසා අනෙක් කම්මුලද හැරවියයුතු බව ජේසු දැනගෙන සිටියේය. ඉවසීමත් සමාව දීමත් ආදරයත් හමුවේ වෙඩිකෑ ඌරෙකුසේ සාතන් දුවන බවට ජේසු සමිඳුන්ට  ඕනෑතරම් අත්දැකීම් තිබුණි. ඌටවෙඩි තියන විධියත්  ඌව පරාජය කරන විධියත් උන්වහන්සේ අද අපට කියන විට එය අපට පෙනෙන්නේ අපි වෙඩිකන විධියක්ලෙසය. 




අන්ධකාරය පරාජයකරන විධිය එළිමහනේ අපේ ඇස්වලට පෙනෙන දේවල්වලට සහ අපේ තර්ක කරන බුද්ධියට හසුවන දේවල්, වලට තේරෙන දේවල්වලට වඩා හරි වෙනස්ය. එය අප හිතන දේට සම්පූර්ණ විරුද්ධදේ වගේය. ඔබ මෙපමණ කල් එකටඑක කළේ ඔබ එකට එක කරන්නේ කාසමග කියල හිතාගෙනද? අපි හරියි කියලා හිතලා කරන දේවල් කොච්චර වැරදෙනවද? නේද?

ගරු රවින් සඳසිරි පියතුමා අතුළු දේවවචනයබෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්චාව ඇසුරිණි.


ලිපි පළකිරිම - රංජන් මැල්

( අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි)

No comments:

Post a Comment