මාර්තු 23 වන ඉරිදා, ජුවාම් 4: 5-15, 19-26, 39-42.
අද ජේසු සමිදුන්ට මුණගැසෙන සමාරිය ස්ති‍්‍රය අතේ ඇත්තේ වතුරෙන් පමණක් නොව කඳුලෙන් පවාපිරවිය හැකි කලයකි. ඒ තරමට ඇයට ඇත්තේ දුක්බර කතාවකි. දැනටමත් පිරිමි 7 දෙනෙකු සමග සිටි ඇයට දැන් පවා සිටින්නේ තමාව කසාද බැඳීමට කැමැත්තෙන් සිටිනකෙනෙකු නොවේ.
එබැවින් උන්වහන්සේට අද හමුවන්නේ පොඩ්ඩක්වත් හඬවන්නේනැති විදියට ලංවීකතා කළයුතු කෙනෙකි. එක වචනයක් එහා මෙහා වුවහොත් ඇයට ඉවරයක් නැතිව මහ හයියෙන් ඉකි බිඳ බිඳ ඇය හඬනබව ජේසු සමිදුන් දනී. එම නිසා ඇගේ මුහුණේ බැලූ බැල්මට ඇති සිනහවත්, කටහෙඬ් ඇති ලාලිත්‍ය ස්වරයත් උන්වහන්සේ සෙල්ලමට ගත්තේ නැත. සාමාන්‍යයෙන් ගැඹුරු ලිඳකින් වතුර අදින එකද පරෙස්සමින් කළයුතු දෙයකි. අවදානම් සහිත වැඩක යෙදි සිටින ඇගේ කල්පනාව එහාමෙහා වුවහොත් ඇයව ලිඳට වැටීමටද පුළුවන. ගැඹුරු ළිඳකට එබෙමින් දිය පොදක් බීමට සොයන කෙනෙකුගේ ජිවිතයට එබීමට මෙය සුදුසු වෙලාවද නොවිය හැකිය. හැම අතින්ම අවදානම් සහිත දෙයක් ඉතා සීරුවට සහ පරෙස්සමට කිරිමට ජේසු සමිදුන් යුහුසුළුවන ආකාරය හරිම ආදර්ශවත්ය. වතුර ටික අදින අතර තුරුනු ජිවිතයේ පතුලට කිමිද ඇගේ දුක්බර ඇත්ත ජේසු සමිදුන් අතට ගන්නාවිට ඇගේ ඇසෙන් එක කඳුලක්වත් වැටෙන්නේනැත. ඒ වෙනුවට ඈට ඇතිවන්නේ දිවැසිවරයකු තමාට ලංවීමෙන් දැනෙන සතුටත් විමතියත් පමණකි.
අනෙක් අයව හඬවා සතුටුවන අය අද අප අතර ඕනෑ තරම් සිටිති. අනෙක් අයගේ ඇස් වලින් වැටෙන කඳුවලින් තමන්ගේ සාර්ථකත්වය මනින්නට සිටින අයද සිටිති. සිනහසිසි සිටන අද අපෙන් වැඩිහරියක් සිටින්නේ හිතේ කඳුල තදකරගෙනය. ජිවිතය ඒ තරම් සිත් වේදනාවලින් පිරුණු එකකි. කියන තරමට ඒවා සුව වෙනවාසේම ඒවා පෑරෙති. ජිවිතය පරෙස්සමින් අත තැබිය යුතු සහ කල්පනාවෙන් ආමන්ත‍්‍රණය කළයුතු කෙනෙක්බව සැබෑය.
වරෙක අපට සිතෙන්නේ අපට හිතෙන අයට බැණගෙන බැණගෙන යෑමටය. එහෙත් හැම කෙනෙක්ම අපවැනි තුවාලවු කෙනෙක්මය. තුවාලයක් නැති කෙනෙක් නැත. තුවාල කරුවන්ට අත තැබීමට සිදුවී ඇත්තේ තුවාලකරුවන්ටමය. ජේසු සමිදුන්ද තුවාලවු වෛද්‍යවරයෙකි. එම නිසා උන්වහන්සේ තුවාල වලට අත තබන සැටි දනී. ඊටහේතුව තුවාලවල වේදනාව දන්නාකමය. තුවාලවූ කෙනෙකුසේ තුවාලවු ළඳකට අද ජේසු සමිදාණන් ලං වන විට පරිසිවරු සහ විනයධරයන් උන්වහන්සේව හරියට රිදවන වැඩකර තිබුනා. අවේලාවක ලිඳක් ලඟ ළඳක් සමග තනියම කතා කරකර සිටීමෙන් උන්වහන්සේව තව තවත් රිදවනදේ තමන්ගේම ගෝල බාලයන්ගෙන් අසා ගැනීමේ අවදානමද තිබුනා. එහෙත් කෙලින්ම මාතෘකාවට ඇතුලුවීම, හැකි ඉක්මනින් කතාව කෙටිකිරිමට යෑමෙන් ඈට රිදෙන වචනයක් පිටවිය හැකි බව උන්වහන්සේ දනිති.
එබැවින් උන්වහන්සේ දේවල් හාරා ඇවිස්සීමට ලොකු වෙලාවක් ගත්තේය. එය ඇයට ස්වර්ගිය කතාබහක් වූයේ ඒ නිසාය. ඉවසීමක් නැතිකමත් ඉස්පාසුවක් නැතිකමත් නිසා අද මිනිස්සු බොහෝමයකගේ සිත්බිඳෙති කොයිවෙලේ බැලූවත් අප අතේ හදිසිවැඩකි. එම නිසා අපට සැනසිල්ලේ කතාබහ කිරිමට බැරි වේ. අපේ බොරු තෑවිල්ලක් නිසා අපට බොහෝ වටිනා දේවල් රැසක් නැතිවේ. ජේසු සමිඳුන් අප තරම්වත් දිගු කාලයක් ජිවත්වුනේ නැත.
එහෙත් උන්වහන්සේට මිනිසුන් සමග නතර වීමට අපට වඩාකාල වෙලාව තිබුනා. අපි මිනිසුන් සමග හැසිරෙන විධිය හරිද? ඔවුන්ගේ ජිවිතවලට ලංවෙන විධිය හොඳද?
ගරු රුවන්
සඳසිරි පියතුමා අතුළු, පියතුමන්ලාගෙ සාකච්චාව ඈසුරෙනි.
ලිපි
පළකිරිම - රංජන් ද මැල්
අන්තර්ජාලිය
සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමේ වෑයමකි.
No comments:
Post a Comment