Tuesday, December 17, 2013

ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ පිහිට !


ආදිපිතුරු  වූ  ශු.ජුසේ  තුමා  කන්‍යා  මරිය  තුමියගේ ස්වාමිපුරුෂයා  වශයෙන්ද  මනුකය  ගත්  දේව  පුත‍්‍රයා  වන  ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේගේත් සුරැකි පියා කොට ද නිත්‍ය පිතා වන දෙවි පියාණන්ගේ  මේ  ලෝකයෙහි   ස්ථානාධිපතියා  කොට  දේව කරුණාවෙන් තෝරා ගත් සේක. එතුමාගේ ජීවිතය සියලූ ධර්ම ගුණ වලින්ද, යහපත් ආදර්ශයෙන් ද දැමුණු කැපවූ ජීවිතයක්ද ගත කළ සාමාන්‍ය  මිනිසෙකි.  මේ  දැහැමියා  අනුගමනය  කිරීම  අප  සතු වේ.එතුමා  දෙව්  මව්  සහ  ජේසු  සමඟ  ආදරයෙන්  ප‍්‍රශ්න  ගැටළු රාශියක්  මත  පවුල්  ජීවිත  අවුල්  කර  නොගෙන  දේව  පේ‍්‍රමයෙන් සියල්ලන්ට  දයා  වෙමින්  ජීවත්  වූ  සත්  පුරුෂයෙකි.



එතුමාගේ  ජීවිතය  කෙසේ  ද  ? මරණයත්  එසේමය.

ජේසු   පුතු  දෙව්  මව්ගේ  හස්තවල තම  අවසන්  හුස්ම  හෙළන්ට ලැබීම එතුමා  ලද  ඉමහත්  භාග්‍යයකි. 

 පවුල්  ජීවිතවල  නොයෙකුත් ගැටළු  දේව  අභිමතය  ලෙස විසදා  ගැනීමට    අප  යදින්නේ  ශු.ජුසේ  තුමාටයි.

· දරුවන්ගේ ප‍්‍රශ්න ගැටළුවලට විසඳුම් සොයන්නට අප දිව යන්නේ ශු.ජුසේ  තුමා  ළඟටයි.

· විවාහ  වීමට  සුදුසු  සහකරුවන්  සොයා  යාමට  පෙර අයදින්නේ          ශු.ජුසේ  තුමාටයි.

· ගෙයක්,  හිසට  වහලක්  තනා  ගැනීමට  උදව්  උපකාර  යදින්නේ 
  එතුමන්ටයි.

· දහම් මගින් බැහැර වූවන් නිසි මඟට ගෙන ඒමට කන්නලව් කරන්නේ     ශු.ජුසේ  තුමාටයි.

· පවුල් වල එකිනෙකා අතර අවිශ්වාසය පැන නඟින විට අප ශු.ජුසේ           තුමා  කරා  ඇදී  යමු.

· සුභ  මරණයක්  වරප‍්‍රසාද  ජීවිතය  තුළ  මරණයක්  ලබාගැනීමට අප  බලාපොරොත්තු   වන්නේ   ශු.ජුසේ තුමාගේ  පිහිටාරක්‍ෂාවයි. එතුමාගේ  මැදිහත්කම  පතා  යදින  අපට  එම  ඉල්ලීම්  දේව  කැමැත්තට අනුව  සුදුසු  අවස්ථාවට  ලබාදි  ඇති  බව  පුරාණයේ  සිට  බැතිමතුන්ගේ  විශ්වාසයයි.  ලෝකයේ  විවිධ  රටවල  සැදැහවත්  සෑම  ජනකායක්ම  එතුමාගේ  පිහිට  නොයෙක්  අවස්ථාවල  වල  ලබා  ඇත.  ඒවා  ලබාගැනීමට  ඥානාලෝකය  ද  ලබා  ඇත.

Monday, December 16, 2013

ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ පිහිට....!!



ශුද්ධවූ ජුසේ තුමා කීර්තිමත් වු දාවිත් රජ පෙළපතින් උපන්නේය. එතුමාගේ මුතුන් මිත්තන් අතර ආබ‍්‍රහම්, ඊසාක් , ජාකොබ්,ජෝශප් නමැති ආදි පිතුරුවරු ද සලමොන්, එසේකියස්, ජොසියස්, යන රජ දරුවෝද සිටියෝය . 


මේ වංශයෙන් ආ ශු.ජුසේ තුමා නීතියට අනුව රජ වීමට සුදුස්සෙක්ව සිටියේය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ජුදෙව්වරුන් සහ ඔවුන්ගේ රජ දරුවන් අතර බොහෝ දෙනෙක් දේව ද්‍රෝහියෝ වූ බැවින් රාජාණ්ඩුව දාවිත්ගේ ග්‍රෝත‍්‍රයෙන් ඉවත් කරනු ලැබූවන් හැර එම ග්‍රෝත‍්‍රිකයන් ලෞකික මහිමය ද අහෝසි කරගෙන ඉතා දිළිදුභාවයකට පත්විය. ශු.ජුසේ තුමා එම රාජකීය වංශයේ උපත ලද නමුත් ඔහු දිළිඳුවුවත් ධර්මිෂ්ඨකමින් ඉතා පොහොසත්වී සිටියේය. ඔවුන් පරම්පරාවේ රාජකීය තත්ත්වය ගැනවත් ලෞකික මහිම සුව සැපත ගැනවත් කිසි කලෙක ආශාවූයේ නැත. බැගෑ බව, ඉවසීම, ශාන්තදාන්ත බව , අන්‍යන්ට ගරු කිරීම දේව භය භක්තිය යනාදිය තමන්ගේ සම්පත බව සිතා ඒවා ඉටු කිරීමට නිතර වෙහෙස වූහ.


Wednesday, December 11, 2013

වසරේ පුරුෂයා පාප් වහන්සේ - ටයිම් සඟරාව



ෆ්රැන්සිස් පාප් වහන්සේ, වසරේ පුරුෂයා හැටියට ‘ටයිම්’ (TIME) සඟරාව විසින් නම් කරනු ලැබ ඇත.





ෆ්රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ  ප්‍රධාන පදවියට පත්ව තවම ගත වී ඇත්තේ මාස නවයක් පමණක් වන නමුත්, උන්වහන්සේ විශ්වාසයේ නව හඬ බවට පත් ව ඇති බවයි 'ටයිම්' සඟරාව කියා සිටින්නේ.

'ටයිම්' කළමනාකරණ කර්තෘ නැන්සි ගිබ්ස් අදහස් දක්වමින්, නව පුද්ගලයකු ලෝක තලයේ මෙවැනි ඉක්මන් ආකර්ෂණයකට ලක් වීම ඉතා ම දුර්ලභ කරුණක් වන බවයි කියා සිටින්නේ.

Tuesday, December 10, 2013

කනුවනට නවෝදය දුන් ගරු පේබියන් පියතුමා.

කනුවන නවෝදයේ නිර්මාතෘ ගරු පේබියන් ප‍්‍රනාන්දු නි.ම.නි. පියතුමාගේ 27 වන (1986.03.04 - 2013.03.04) ගුණ සැමරුම වෙනුවෙන්.


වර්ෂ 1898 දෙසැම්බර් මස 30 දින මෙලොව එළිය දුටු ගරු පේබියන් ප‍්‍රනාන්දු පියතුමා 1926 ජූනි මස 24 දින පූජක වරම් ලබා මීසම් කීපයක සහකාර පියතුමකු ලෙසත් තවත් මීසම් කීපයකත් මීසම් භාර පියතුමා ලෙසත් සේවය කර 1948 ජනවාරි මාසයේ තුඩැල්ල මීසම් බාර පියතුමා වශයෙන් සේවය ඇරඹීය. එම කාලයේදී කණුවනගම තුඩැල්ල මීසමට අයත්ව තිබිණි. ගරු පේබියන් පියතුමා තුඩැල්ල මීසමේ සේවය කරන අවදියේ කණුවන ගම ගැන ලොකු ලෙන්ගතු කමක් දැකුවූ බව නොරහසකි.



අද කණුවන දෙව්මැදුරත් සාන්ත ජෝශප් විදුහල පිහිටි භූමි භාගය යම්කිසි පළදායක කාර්යයක් සඳහා යොදා ගෙන නොදියුණු ගමක් හැටියට තිබූ කණුවන ගම නගා සිටුවන්නට. ඒ අනුව එතුමාගේ සංකල්පයක් මත සාන්ත ජෝශප් විදුහල නමින් විදුහල ආරම්භ කරන ලදී. ශාන්ත ජෝශප් විදුහලට ගමේ ළමුන් 40 ක් පමණ ඇතුළු කරගෙන ආරම්භ වීමත් සමග කණුවන ග‍්‍රාමයේ නවෝදය ආරම්භ වූ බව අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි.

අන්තර් ආගමික සාම පදනම - ශෝක පණිවිඩය- Nelson Mandela.



 ලෝක පූජිත දකුණු අපි‍්‍රකාවේ ප‍්‍රථම කඵ ජාතික ජනාධිපති වන නෙල්සන් මන්ඩේලාගේ අභාවය ගැන අපගේ ශෝකය මින් ප‍්‍රකාශ කර සිටිමු.




එතමාගේ ජීවිතයෙන් හා පැවැත්මෙන් සමස්ත ලෝකයට ම ඉදිරිපත් කළ මහගු පණිවිඩය වන "සමාව දීම, සාමය, සන්හිඳියාව හා සාධරණත්වය මෙන් ම තමනට හිරිහැර කළ අයගෙන් පලි නො ගැනීම” හා අවිහිංසාව වැනි ගුණ ධර්ම ලෝක නායකයන්ට පමණක් නොව සැමට ම මහත් ආදර්ශයකි, එය ආගම ඇදහීමෙ සැබෑ ප‍්‍රවනතාවයකි. මෙ ගූණධර්ම අතරින් මානව ගරුත්වය තකා "සමාව දීම" කැපී පෙනෙන යථාර්ථයකි. තමන් විසින් සිරයෙන් නිදහස්වී පැවැති ජනාධිපතිවරණයෙන් තම දේශයේ නායකයත්වය ලබා ආත්මාර්ථකාමිත්වයෙන් බැහැරවී එහි දිගින් දිගට ම රැඳී නො සිට ස්වෙච්ඡාවෙන් විශ‍්‍රාම යාමෙන් ලෝක නායකයන්ටද ආදර්ශයක් සපයා ඇත. තවද තම සේවාව පිඩීත ජනතාව වෙනුවෙන් ම වැය වීම පරිත්‍යාගශීලි ජීවිතය ඉස්මතු කිරීමකි.

Sunday, December 8, 2013

සැබෑ ආදරයේ මූලික ස්වභාවය කුමක්ද ?



තමාගේ ජිවිතය පිළිබඳව වඩා නිවැරදි අර්ථවත් සහ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක්කේ එය තේරුම් ගැනීමට උත්සාහ දරන පුද්ගලයාගේ අඛණ්ඩ අධ්‍යාත්මික වර්ධනයේ සහ ගුණවගාවේ ප‍්‍රතිඵලයක් වශයෙන් පමණි. 

ක‍්‍රිස්තුස් වහන්සේ කොන්දේසි විරහිත ආදරයේ, දයාවේ, පේ‍්‍රමයේ සහ කරුණාවේ උල්පතයි. දෙවියන් වහන්සේ මිනිස් අපට කොන්දේසි විරහිතව ආදරය කිරීමත්, අපගේ පව්වලට උන්වහන්සේ සමාව දීමත් එකම කාසියේ පැති දෙක වේ. එසේනම්, සැබෑ ආදරයේ මූලික ස්වභාවය කුමක්ද? එය නම් තවත් පුද්ගලයෙකුගේ යහපත තකා, සුබ සිද්ධිය උදෙසා තමන්ව කැප කිරීමයි, වැය කිරීමයි, දිය කිරීමයි.


අප තව පුද්ගලයෙකුට ආදරය කරන විට නොකළ යුතු දේවල් බොහෝය. ආදරයේ නාමයෙන් අප කරනු ලබන සියලූම දේවල් සාධාරණය කළ නොහැකිය. ඒවාට අනුබල දිය නොහැකිය. ආදරයේ නාමයෙන් ඉතා දරුණු දේවල්, අමානුෂික දේවල්, පීඩාකාරී දේවල්, හිංසාකාරී දේවල්, අසාධාරණ දේවල් සහ දාමරික දේවල් මිනිසුන් විසින් කරනු ලබයි. ආදරය යනු සෑම මොහොතකම නිවැරදි දේ කිරීමයි. යහපත් දේ කිරීමයි. මිනිසුන්ව නිදහස් කරන දේ කිරීමයි. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීම සහ ක‍්‍රියාත්මක කිරීම යනු දෙවියන් වහන්සේගේ සැළැස්මට අනුව කටයුතු කිරීමයි.